Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025

Aqua, Prius මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025

පලවෙනි ලුණු තොගය අද දිවයිනට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෘජු විදේශ ගුවන් ගමන් සඳහා එමිරේට්ස් හි එකඟතාව
Air Line

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෘජු විදේශ ගුවන් ගමන් සඳහා එමිරේට්ස් හි එකඟතාව

kumudikaBy kumudikaMay 11, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශ අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් වැඩිකිරීමට එමිරේට්ස් සේවය සිය විවෘතභාවය ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රජයන් අවශ්‍ය අවසර ලබාදිය යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.

එමිරේට්ස් හි බටහිර ආසියානු සහ ඉන්දීය සාගර කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එසා සුලෙයිමාන් අහමඩ් මහතා පවසන්නේ එමිරේට්ස් වැනි තෙවැනි පාර්ශවීය ගුවන් සේවා සඳහා සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ලිහිල් කිරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රජයන්ට පැවරී ඇති බවය.

“අපි දැනටමත් ඉන්දියාවට පියාසර කරනවා. අපට සතියකට ඉන්දියාවට ගුවන් ගමන් 167ක් සිදුකරනවා. අපි ශ්‍රී ලංකාවටත් සතියකට ගුවන් ගමන් 28ක් සිදුකරනවා. ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඉන්ඩිගෝ ගුවන් සේවය සහ ස්පයිස් ජෙට් ඇතුළු ගුවන් සමාගම් දෙරට අතර පියාසර කරනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

වර්තමානයේ, ඉන්දියාවට සතිපතා ගුවන් ගමන් 167ක් සහ ශ්‍රී ලංකාවට සතිපතා ගුවන් ගමන් 28 ක් රජයන් දෙක අතර පවතින ගුවන් සේවා ගිවිසුම් හරහා ඊට පහසුකම් සපයයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුම් මගින් ගුවන් සමාගම් සඳහා නිශ්චිත මාර්ග ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙන අතර, දෙරටේම ගුවන් සමාගම් සඳහා ගුවන් ගමන් සංඛ්‍යාව, ගමනාන්ත සහ අනෙකුත් මෙහෙයුම් අංශ ගෙනහැර දක්වා තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සඳහන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් සමාගමට අවසර දීම සඳහා අධිකාරියේ සහයෝගය දියහැකි වුවත් මෙම තීරණය අවසානයේ ඉන්දියානු බලධාරීන් සතු බවය.

පාඩු ලබන ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා යෝජිත පස් අවුරුදු ව්‍යාපාර සැලැස්මට ලාභ නොලබන මාර්ග යටතේ ඉන්දියානු මාර්ග 15ක් ඉවත් කිරීම ඇතුළත් වේ.

ඒ සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 24ක් වැය වන බව වාර්තා වීම ඊට හේතු ලෙස දක්වා ඇත.

මෙම උපායමාර්ගික පියවර මඟින් සෘජු මෙහෙයුම් පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ සහායක වියදම් අමෙරිකානු ඩොලර් මිලියන 30ක් වසරකට ඉතිරි කර ගැනීමට පුරෝකථනය කර ඇත. මෙම යෝජනාව ඉදිරියට ගියහොත් ඇති වන පරතරය පිරවීම සඳහා එමිරේට්ස් වැනි ගුවන් සමාගම් දිරිමත් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය විය හැකිය.

දෙරට අතර ගුවන් නිදහස ලබා දීමෙන් තරඟකාරිත්වය වැඩි කළ හැකි අතර, පාරිභෝගිකයන්ට වැඩි සංචාරක විකල්ප ලබා දිය හැකිවීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක, ආයෝජන සහ වෙළඳාම ඉහළ නැංවිය හැක.

එවැනි අයිතිවාසිකම් ලබාදීමට ඇති අකමැත්ත බොහෝවිට මතු වන්නේ ජාතික ගුවන් සමාගම් තම වෙළඳපල කොටස ආරක්ෂා කර ගැනීමට පවතින අවධානය මතය.

කෙසේවෙතත්, අනුමැතිය මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර එමිරේට්ස් එවැනි මාර්ගවල ශක්‍යතාව සහ ඉල්ලුමේ මට්ටම පළමුව තක්සේරු කරන බව අහමඩ් සඳහන් කළේය.

මේ අතර, ‘විවෘත අහස’ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එමිරේට්ස් හි ධනාත්මක ස්ථාවරය ඔහු දැනුම් දුන්නේය.

කොළඹට වත්මන් දෛනික ගුවන් ගමන් හතරෙන් ඔබ්බට ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ එමිරේට්ස් හි අභිලාෂය ද අහමඩ් සඳහන් කළේය.

“අපි දැනට දිනකට ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරනවා. එය තවදුරටත් පුළුල් කිරීමටයි අපේ බලාපොරොත්තුව. අපි දැනට අතරමැදි කාලවලදී ගුවන් ගමන් සපයන්නේ නැහැ,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

එමිරේට්ස් ගුවන් යානා සමූහයේ විශාලතම ගුවන් යානය වන A350 කොළඹ මාර්ගයට හඳුන්වාදීම සැළකිව යුතු සන්ධිස්ථානයක් බව ඔහු අවධාරණය කළේය.

සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන්, අහමඩ් අවධාරණය කළේ එමිරේට්ස් 2022 වසරේ සිට වාර්ෂික අලුත් කිරීම් සමඟ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සමඟ නිරන්තරයෙන් හවුල් වී ඇති බවයි.

“සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ රජයේ අරමුණ සමඟ අපි පෙළ ගැසී සිටිනවා. මෙම මුලපිරීමට සහාය දැක්වීමට අපි කැපවී සිටිනවා. වසර 39ක් අපි ශ්‍රී ලංකාවේ සේවය කර තිබෙනවා. වසර 40ක් පමණ වන ගුවන් සේවා කටයුතුවලදී මෙහි අපගේ වසර 39ක පැවැත්ම සැළකිව යුතු කාල පරිච්ඡේදයක් නියෝජනය කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.

Asia Colombo Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමේ වසරේ ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඉහලට
Next Article IMF වලින් ලංකාවට තවත් කොන්දේසියක්
kumudika

Related Posts

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025

Aqua, Prius මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025

පලවෙනි ලුණු තොගය අද දිවයිනට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.