බලාපොරොත්තු වූ තරම් වාහන ඉල්ලුමක් නොමැතිවීම මත මෝටර් රථ මාදිලි කිහිපයක් දිවයිනට ආනයනය නවත්වා දමා ඇති බව වාර්තා වෙයි.
ඒ අතරින් ප්‍රධානතම මාදිලි වන්නේ ටොයොටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා රථය සහ ප්‍රියස් මෝටර් රථයයි. එම මෝටර් රථ නව බදු අනුපාත යන්තේ ඉතා ඉහල මිලක් නියම වීම මත වාහන ආනයනකරුවන් එම වාහන ආනයනය මේ වන විට අත්හිටුවා ඇත.
මධ්‍යම පාන්තික ජනතාවගේ වාහන ඉල්ලුම වැඩි විශාල වශයෙන් පහත බැස ඇත්තේ විශාල බදු අනුපාත හේතුවෙනි.
කෙසේ නමුත් වාහන මිල එතරම් නොසලකන ධනවත් සමාජ කණ්ඩායමක් විසින් වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමෙන් තිබෙන සිටින අතර ඒ හේතුවෙන් සුඛෝපභෝගි මෝටර් රථය වැඩි වශයෙන් ආනයනය කරමින් සිටින බවද ආනයනකරුවන් කියා සිටිති.
ආනයනකරුවන්ද වැඩි අලෙවියක් සහිත වාහන ආනයනයට වැඩි නැඹුරුතාවයක් දක්වමින් සිටින අතර මධ්‍යම පාන්තිකයන් වැඩි වශයෙන් භාවිතා කරන වාහන ආනයනයට වැඩි එතරම් උනන්දුවක් නොදක්වති.