Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි
Sri Lankan news

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

kumudikaBy kumudikaMay 14, 2025Updated:May 14, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සාකච්ඡාවක දී කනස්සල්ල පළ කළේය.

ශ්‍රී ලංකාවට ජපානයෙන් ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත අනෙක් රටවලින් දිවයිනට ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත සමග සංසන්දනය කිරීමේදී ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම් ජපානයෙන් ලංකාවට ගෙන්වන වාහන සඳහා පනවනු ලබන බදු අනුපාත පිළිබඳව අනිවාර්යයෙන්ම සාකච්ඡාවට බඳුන් විය යුතු බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් හුදෙක් දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් තිබෙන බව පෙන්වා දීම සඳහා ජපානය ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට සූදානම් නැති බව ද ඔහු පැවැසීය.

කෙසේ නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව ද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් යථාර්ථවාදී වනු ඇත්තේ ඉන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පමණක් බව ද ඉසොමාටා මහතා පැවැසුවේය.

දේශපාලනමය හෝ සංකේතාත්මක හේතුමතනිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ජපානය කිසිසේත් සලකා නොබලනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජපානය ලද අත්දැකීම් බෙදා හදා ගනිමින් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ තීරුබදු ප්‍රකාශයට පත් කළ වහාම පසුගිය අප්‍රේල් 7 වැනිදා ජපාන අගමැතිවරයා ජනපති ට්‍රමප්ට දුරකතන ඇමතුමක් දුන් බවත් එහිදී තීරු බද්ද සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ඒ වෙනුවෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළ බවත්ය.

ඇමෙරිකාව සමග ජපානයට වෙළෙඳ ගැටලුවක් ඇති වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් ජපානයට මෙය අලුත් අර්බුදයක් නොවන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මීට පෙර කපු රෙදි පිළි විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කළ 1930 දශකයේ දී ද මෙවැනිම ගැටලුවක් ඇති වූ බවත් එහිදී යම් ආකාරයක ස්වේච්ඡා අපනයන සීමා ක්‍රියාත්මක කිරීමට ජපානයට සිදු වූ බවත් ඉසොමාටා මහතා පැවැසුවේය. නැවතත් 1970 දශකයේදී ද මෙවැනීම ගැටලුවක් මතු වූ බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට
Next Article එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා
kumudika

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.