Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

May 15, 2025

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්
Sri Lankan news

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

kumudikaBy kumudikaMay 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවන අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) පැවැත්විණි. 

හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන 26ක් මෙහිදී වෙන්දේසි කර තිබුණි.
ඉන් 17ක්ම අද දිනයේදී අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

BMW මෝටර් රථයක්, Ford Everest රථ 02ක්, Hyundai Terracan රථයක්, Land Rover Discovery රථ 02ක්, Mitsubishi Montero රථයක්, Nissan පෙට්‍රල් රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථයක්, SsangYong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, Land Cruiser Sahara වර්ගයේ රථයක්, V 08 රථ 06ක් සහ Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් අද වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

රජයේ වියදම් කපාහැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවි කිරීම සිදුවේ.

මෙම වාහන මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් 108 දෙනෙකු පමණ එක්ව ඇති අතර, ඒ හේතුවෙන් වාහන සඳහා විශාල ඉල්ලුමක් ඇති වී ඇත.
ඒ අනුව අද පැවති වෙන්දේසියේදී වාහන අලෙවිකිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් උපයාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ
kumudika

Related Posts

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.