Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ
World news

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

kumudikaBy kumudikaMay 20, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

“සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක්” තේමා කර ගනිමින් 78 වන‍ ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවාහි දී ඇරඹිණි.

සෑම ලෝක සෞඛ්‍ය සමුළුවක් ම සුවිශේෂී බව ආරම්භක සැසිය අමතමින් පෙන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවර ඓතිහාසික වැදගත්කමක් ඊට හිමිව ඇත්තේ සාමාජික රටවල් වසංගත පිළිබඳ ගිවිසුමකට එළඹීමේ ඇති හැකියාව හේතුවෙන් යැයි සඳහන් කළේය. ‍

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මීළඟ වටයේ දායකත්ව අරමුදල් ඉහළ නැංවීම අනුමත කරන ලෙසට ද ඔහු සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය. එය සංවිධානයේ දිගු කාලීන මූල්‍ය ස්ථාවරත්වය හා ස්වාධීනත්වය සහතික කිරීමට උපකාරී වන බවද ඔහු පැවසීය. ‍

ගෝලීය සෞඛ්‍ය සහයෝගීත්වයේ චීන ක්‍රියාකාරී මෙහෙවර ගෙනහැර දක්වමින් චීන නියෝජිත පිරිසේ ප්‍රධානී හා චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී ලෙයි හයිචාඕ මහතා සමුළුව අමතමින් අදහස් දැක්වීය.

ගෙවුණු දශක හයක කාලය තුල චීනය ‍වෛද්‍ය සාමාජිකයන් 30 දහසකට අධික පිරිසක් රටවල් හා කලාප 777කට යොමු කර තිබේ. ප්‍රතිකාර ලබා දුන් රෝගීන් සංඛ්‍යාව මිලියන 300 ඉක්මවන බව ද හෙතෙම පැවසීය.කොවිඩ් 19 වසංගත කාලයේ දී ‍පුද්ගල ආරක්ෂණ උපකරණ බිලියන 500ක් මෙන්ම එන්නත් මාත්‍රා බිලියන 2.3ක් ලොව පුරා බෙදා හැරීමට චීනය ක්‍රිය කළ බව ද චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානියා පැවසීය. චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට අඛණ්ඩව සහාය ලබා දෙමින් බහුපාර්ශ්විකත්වය හරහා ශක්තිමත් පියවර ගන්නා බව ද හෙතෙම කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් දිගු කලක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්ෂික සැසිවාරයේ න්‍යාය පත්‍රයට තායිවාන සහභාගීත්ව ඊනියා යෝජනාව ඇතුළත් කර නොමැති බවත් අවධාරණය කළේ ය.

කුඩා රටවල් ප්‍රමාණයක් තායිවාන ප්‍රශ්නය පිළිබඳ සැලකිල්ල දක්වා තිබීම සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අභිලාෂයන්ට විරුද්ධ වීම සම්බන්ධයෙන් හෙතෙම මෙම අදහස් දැක්වීම සිදු කළේ ය.ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ චීනය සිය අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට මෙම රටවලට ඉඩ නොදෙන බවයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ
Next Article Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.