Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ පවර් බෝටින් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් කර්මාන්තය සංවර්ධන කිරීමට සැරසෙයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ පවර් බෝටින් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් කර්මාන්තය සංවර්ධන කිරීමට සැරසෙයි

kumudikaBy kumudikaMay 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව තුළ පවර් බෝටින් ක්‍රීඩාව (Power Boat) ප්‍රචලිත කිරීම හා ඒ හා බැඳුණු කර්මාන්තය නඟා සිටුවීම මෙන්ම එමඟින් සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා වූ එකාබද්ධ හමුවක් පසුගියදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුණි.

මෙම විශේෂ හමුව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් චතුරංග අබේසිංහ මහතා එක්වුණු අතර මෙම හමුවට ජාතික බෝට්ටු හා නැව් නිශ්පාදකයින්ගේ වාණිජ මණ්ඩලය (CMISL), ලංකා බල බෝට්ටු සංගමය (Lanka Powerboat Association), සහ ජාත්‍යන්තර මෝටර් බෝට්ටු සංගමය (UIM) යන ආයතන නියොජනය කරමින් නියෝජිතයින් පැමිණ සිටියේය.

පවර් බෝටින් යනු ශ්‍රී ලංකාවේ කාලයක සිට හඳුන්වා දී ඇති ක්‍රීඩාවක් වන අතර, එය ක්‍රීඩාවකට අමතරව සංචාරක ක්ෂේත්‍රයේ විශාල ආකර්ෂණයක් ඇති ලෝකය පුරා පවතින ක්‍රීඩාවකි.

පසුගිය දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ බල බෝට්ටු සංගමය හරහා මේ සම්බන්ධයෙන් වැඩසටහන්, ව්‍යාපෘති සහ උත්සව සංවිධානය වුවත් ඒවා හුදකලා ව්‍යාපෘති ලෙස දියත් වී තිබුණි.

කෙසේ වුවත් මෙම හමුවේ දී පවර් බෝටින් ක්‍රීඩාව සහ ඒ ආශ්‍රිත නිමැවුම් ශ්‍රී ලංකාව තුළ නිශ්පාදනය කර ඒවා අපනයනය කර්මාන්තයක් ලෙස උසස් කිරීමට හැකිද යන්න සොයා බැලීම, කර්මාන්තයට අදාළ නීතිමය තත්ත්වය, ජාත්‍යන්තර පිළිගැනීම, බෝට්ටු වල ගුණාත්මකභාවය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු විය.

ඒ අනුව ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය ඒකාබද්ධව පොදු වැඩපිළිවෙලක් සමඟ මෙම සංකල්පය ඉදිරියේදී දියත් කිරීමට නියමිතය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි ටිකට්පත් රහිත වාහන නැවැත්වීමේ ස්මාර්ට් පහසුකම ඇරඹෙයි
Next Article මුල් මාස 5 දී ශ්‍රී ලංකාවට මිලියනය ඉක්මවා සංචාරකයින් පැමිණෙති
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.