Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි
Sri Lankan news

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

kumudikaBy kumudikaJune 17, 2025Updated:June 17, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවය.

කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම මස 30 වන දින සිට වාහන ධාවනයේ දී ආරක්ෂණ යෝජනා ක්‍රම 85ක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“පුද්ගලික බස් රථ ධාවනය කරන රියදුරු මහත්වරුන් හා කොන්දොස්තර මහත්වරුන් යම් කිසි සමාජ ආරක්ෂණ ක්‍රමයකට අරගෙන ඒ ක්‍රමය තුළින් අවුරුදු 55 වුණාම පෙන්ෂන් එකක් ලැබෙන ක්‍රමයකට යන්න බලාපොරොත්තු වෙනවා. අවුරුද්දක් ඇතුළතදි අපිට ඒකට යන්න පුළුවන්.  ඒ වගේම අපි බස්වල ටිකට් අනිවාර්ය කරනවා. එතකොට බස් රථ හිමියන්ට යම් ආදායමක් ගන්න පුළුවන්. දැන් මේ බස් රථ රේස් යන එක තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. රේස් යන එකට හේතුව තමයි පුංචි පුංචි බස් හිමියෝ ඉන්නේ ඒ අයට බස් එකයි දෙකයි තියෙන්නේ. අපි දැනට පටන් අරගෙන තියෙනවා නුවර සහ 138 මාර්ගයේ ධාවනය වන බස් රථ සමූහයක් විදිහට. සමාගම් කිව්වට සමාගම් නෙමෙයි 138 මාර්ගයේ ධාවනය කරන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ල එකතුකරලා ආදායම දවස අවසානයේදී ශෙයා කරගන්න පුළුවන් ක්‍රමයකට කරන්න.”

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
Next Article ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.