Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Sri Lankan Embassy»එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී
UAE - Sri Lankan Embassy

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

kumudikaBy kumudikaJune 17, 2025Updated:June 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජුනි 17 සිට 19 දක්වා සාජා හිදී පැවැත්වෙන Middl East Rubber & Tayer Expo 2025 සඳහා සහභාගී වීමට පැමිණි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුසන්ත ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා රබර් සහ ටයර් අපනයන නියෝජිත පිරිස පසුගියදා එමීර් රාජ්‍යයට පැමිණියහ. ඔවුන් පිළිගනිමින්, දෙස් විදෙස් ව්‍යාපාරික හමුවක් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය විසින් පසුගියදා ඩුබායි පුල්මාන් ක්‍රීක් හෝටලයේදී සංවිධානය කර තිබිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු මහාචාර්ය අරුෂා කුරේ, ඩුබායි සහ උතුරු එමිරේට්ස් සඳහා කොන්සල් ජෙනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර සහ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සල් අමාත්‍ය තක්ෂිලා ආර්නෝල්ඩා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත් විය. ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ ගරු සභාපති සුරේන් ස්වාමිනාදන් මහතා පිළිගැනීමේ කතාව සිදු කල අතර ගරු කොන්සල් ජෙනරාල්වරයා සහ ගරු තානාපතිනියද මෙහිදී දේශන පවත්වන ලදී. කවුන්සිලයේ උප සභාපති ෂිහාන් ෂෙරිෆ් මහතා ස්තූති කතාව පැවැත්වූයේය.

ව්‍යාපාරික ක්ශේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්, දෙස් විදෙස් ව්‍යාපාරිකයන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර පිළිබඳ හඳුන්වා දීමට හා ව්‍යාපාරික අදහස් බෙදාහදා ගැනීමට අවස්ථාව මෙහිදී හිමි වු අතර එමඟින් ශක්තිමත් හා පුළුල් ව්‍යාපාරික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා විය.

නියෝජිත පිරිස ප්‍රමුඛ පැමිණ සිටි ව්‍යාපාරික ප්‍රජාව සඳහා මෙදින රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

Abu Dhabi Dubai Featured Middle East Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
kumudika

Related Posts

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථාවර තැන්පතු ක්‍රමයක්

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.