Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»යුද හමුදාවට සමාජ මාධ්‍ය තහනමක්
Uncategorized

යුද හමුදාවට සමාජ මාධ්‍ය තහනමක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 14, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌මෙන්ම කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කෙ රේ.

එය පෙරේදා (12 වැනිදා) සිට බලපැවැත්වෙනවා.

සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතු බවද මෙමගින් නියෝග කෙ රේ.

සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිවල සබඳුමක් (Link) උත්පතනය කිරීම (uploading), පෝස්ට් කිරීම (Posting) එමගින් යොමු කිරීම (Forwarding) සහ බෙදාහැරීම (Sharing) තහනම් බවද දැනුම් දී තිබේ.

වාර් ගික ආගමික සුසංවාදයට හානි පමුණුවන කරුණු, කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් පිළිබඳ අපකීර් ති කර ප්‍රකාශ, මෙන්ම මෙරට නීතියකින් තහනම් කළ කිසියම් කරුණක් හුවමාරු කිරීමද මේ අනුව තහනම්ය.

නිල ඇඳුම හෝ හමුදා ආයතන උපකරණ පෙන්නුම් කරන පැතිකඩ ඡායාරූප (profile pictures) හෝ පසුතල ඡායාරූප (cover photo graph) ප්‍රදර්ශනයද තහනම් කර ඇත.

යුද හමුදා සාමාජිකයන්ට සමාජ ජාලා වෙබ් අඩවි මෘදුකාංග පරිශීලනයේ දී යුද්ධ හමුදා විනය හා යුද්ධ හමුදා ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම පිළිබඳ උපදෙස් උල්ලංඝනය කිරීම ගැන සයිබර් ආරක්ෂණ ඒකකය මගින් නිරීක්ෂණය කර ඇතැයිද මෙයින් පෙන්වා දී ඇත.

ඉමෝ ලයිව්, ටික් ටොක්, ස්කයිප්, වයිබර්, වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර්, වී චැට් වැනි මෘදුකාංග භාවිතා කරමින් තම යුද හමුදා අනන්‍යතාවයන් පිළිබිඹුවන ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීමද මේ වන විට බහුලව නිරීක්ෂණය වන බවත් එය හමුදා නියෝගවලට පටහැනි බැවින් එයින් වැළකී සිටින ලෙසත් දන්වා ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයානා කුලියට ගන්න හේතුව ඇමැති කියයි
Next Article මේ වසර අවසානයට පෙර ශ්‍රී ලංකාව​ට IMF ණය නෑ
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.