Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Finance»එක්සත් අරාබි එමීර් රාජ්‍යය-වැටුප් වැඩිවීම්, මාස 6ක දළ වැටුප් ප්‍රසාද දීමනාවක්
Finance

එක්සත් අරාබි එමීර් රාජ්‍යය-වැටුප් වැඩිවීම්, මාස 6ක දළ වැටුප් ප්‍රසාද දීමනාවක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 18, 2022No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සමාගම්වලින් සියයට 57 ක් වැටුප් වැඩි කිරීමට අපේක්ෂා කරන බව ‘වැටුප් මාර්ගෝපදේශය UAE 2023’ අනාවරණය කරනවා.

දශකයක් තුළ රටේ රැකියා වෙළඳපොළෙහි මේ වසර එහි ශක්තිමත්ම වසර ලෙස සැලකෙනවා. මේ නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර සමාගම් ලබන වසරේ 10% කට වඩා වැටුප් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ගෝලීය බඳවා ගැනීම් සහ මානව සම්පත් උපදේශන ආයතනයක් වන Cooper Fitch විසින් නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව පවසනවා.

‘Salary Guide UAE 2023’ හෙළිදරව් කළේ සමාගම්වලින් 57 % ක් වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

එයින් සමාගම් 45% ක් සියයට පහක් දක්වාත්, සමාගම් 7% සියයට හතක් 10 ක​ට වඩා වැඩි කිරීමටත්, සමාගම්වලින් 5% සියයට හයේ සිට නවය දක්වා වැටුප් වැඩි කිරීමට 2023 වසරේදී බලාපොරොත්තු වන බව හෙලිකොට ඇත. සමාගම්වලින් 23% ක් කියා සිටියේ ඉදිරි මාස 12 තුළ සේවකයින්ගේ වැටුප් වෙනස් කිරීමට අදහස් නොකරන බවයි.

මෙම සමීක්ෂණය පදනම් වී ඇත්තේ ගල්ෆ් කලාපය පුරා සංවිධාන 300කට අධික සංඛ්‍යාවක ප්‍රධාන තීරණ ගැනීම සඳහා වගකිව යුතු ව්‍යාපාරික නායකයින්ගේ ප්‍රතිචාර මත ය.

සමස්තයක් වශයෙන්, 2023 දී වැටුප් සියයට දෙකකින් පමණක් වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත.

2022 සඳහා සමාගම්වලින් 49% ක් වැටුප් වැඩි කළ අතර 7% ක් වැටුප් 10% වඩා වැඩි කර ඇත.

අධ්‍යයනයෙන් හෙළි කොට ඇත්තේ එක් එක් රැකියා ක්ෂේත්‍ර ​සඳහා ලැබිය හැනි ඉහළම වැටුපයි

දේපළ වෙළඳාම් අංශය ඉහළම වැටුප – ඩිරාම් 252,000

නීතිමය – ඩිරාම් 231,000,

බැංකු – ඩිරාම් 178,000,

ආයෝජන කළමනාකරණය – ඩිරාම් 158,000,

මූල්‍ය – ඩිරාම් 153,000,

මානව සම්පත්  කළමනාකරණය –  ඩිරාම් 147,000),

නිෂ්පාදන –  ඩිරාම් 136,000,

උපාය –  ඩිරාම් 131,000,

තාක්ෂණය –  ඩිරාම් 126,000,

උපදේශන –  ඩිරාම් 126,000,

බදු විශේෂඥයින් –  ඩිරාම් 117,000,

විදුලි සංදේශ –  ඩිරාම් 115,000,

සැපයුම් දාමය –  ඩිරාම් 95,000  සහ

විකුණුම් සහ අලෙවිකරණය –  ඩිරාම් Dh76,000 ලෙසයි.

මාස 6ක් දක්වා දළ වැටුප් බෝනස්

සමීක්ෂණයට ලක් වූවන්ගෙන් හතරෙන් තුනක්ම පාහේ වාර්ෂික බෝනස් නිකුත් කිරීමට කැමැත්ත ඇති බව අධ්‍යයනයෙන් හෙළි වී ඇති අතර, 26% කට එවැනි සැලසුමක් නොමැති බව හෙලි කලා.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 36% පමණ එම මුදල මාසයක දළ වැටුප ලෙස ලබාදීමට අපේක්ෂා කරන අතර පහෙන් එකක් මාස දෙකක දළ වැටුප ගෙවීමට බලාපොරොත්තු වෙනවා. 10% මාස තුනක්, 3% මාස හතරක් සහ 1% මාස පහක වැටුප බෝනස් ලෙස ලබාදීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

සමීක්ෂණයට ලක් කරන ලද සමාගම්වලින් සියයට හතරක සේවය කරන සේවකයින්ට ත්‍යාගශීලී මාස හයක දළ වැටුප් වාර්ෂික බෝනස් ලෙස අපේක්ෂා කළ හැකිය. මෙම ප්‍රසාද දීමනා​ව බැංකු, මූල්‍ය සේවා, ආයෝජන කළමනාකරණය සහ උපදේශන යන ක්ෂේත්‍ර නියෝජනය කර​න සේවකයන්ට ලැබෙනු ඇති බව Trefor Murphy, Cooper Fitch හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් හෙලිකොට තිබෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක්
Next Article මධ්‍යම පන්තියේ කනකර බැංකුවල
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.