Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්​ගේ නත්තල් පණිවිඩය
Uncategorized

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්​ගේ නත්තල් පණිවිඩය

Stanly KularathnaBy Stanly KularathnaDecember 25, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර නත්තල දිළිදුන් සමග සැමරිය යුතු බව නත්තල් පණිවිඩයක් යොමු කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ සදහන් කළේ ජේසුස් වහන්සේ ධනයට, බලයට පවතින කෑදරකම හේතුවෙන් මිනිසුන් විඳින දුක තේරුම් ගත් අයෙකු බවයි. කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

“මේ ලෝකේ මනුෂ්‍යයෙකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ. නත්තල, මනුෂ්‍යයන්ගේ උත්තරීතරකම ගැන කියන්නේ අමුතුම පණිවිඩයක්. දෙවියන්වහන්සේ එවැනි තත්ත්වයක ඉපදුනේ මේ ධනය බලය සහ තමන් මේ එකතුකරගන්නා දේ තුළ වැදගත්කම කීර්තිය රඳා පවතින්නේ නැති බව පෙන්වන්නටයි. ධනය කාවන් කාදමනවා. ස්වර්ගයේ වස්තුව රැස්කර ගන්න කියලා කිව්වා උන්වහන්සේ එක අවස්ථාව. උන්වහන්සේ කිව්වා ධනය නිසා මිනිසුන් නොමිනිසුන් වෙනවා කියලා. ධනවතෙකුට දේව රාජ්‍යයකට ඇතුළු වීම ඔටුවෙකුට ඉඳිකටු තුඩකින් යාමටත් වඩා දුෂ්කර බව උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ ධනයට බලයට තියෙන කෑදරකම නිසා මිනිසුන් විඳින දුක තේරුම් ගත්තා. තේරුම් අරගෙන එය ප්‍රතික්ෂේප කරලා සෑබෑ නිදහස අත්විඳින්නට කියන දේ උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටියා. මේ කෑදරකම මේ තණ්හාව මෙයින් නිදහස්වීම වැදගත් කියන එක උන්වහන්සේ පෙන්වා දුන්නා. යදම් බිඳ දැමීමේ මාර්ගය පිළිබඳ පණිවිඩය මෙලොවට ලැබීමේ පළමු මොහො​ත මේ උපතයි.”

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදේශ රැසකට වැසි, ලබන සතිය දක්වා අනතුරු ඇඟවීම් 
Next Article ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් බිළිගත් සුනාමිය සැමරේ
Stanly Kularathna

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.