Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ෆලාහි රැජින ශ්‍රී ලයන්ස් සන්නාම තානාපතිනි​ය බවට පත් කරයි
Sports

ෆලාහි රැජින ශ්‍රී ලයන්ස් සන්නාම තානාපතිනි​ය බවට පත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 31, 2022Updated:December 31, 2022No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය සතියේ පැවැත්වූ වාර්ෂික මහා සභා රැස්වීමේදී අතිගරු Aarefa Al Falahi එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිමානයේ සංකේතය වන Sri Lions  සන්නාම තානාපතිනි​ය ලෙස පත් කර ඇත.

ෆලාහි කුමරිය මීට පෙර RAK වාණිජ මණ්ඩලයේ ප්‍රදර්ශන කමිටුවේ සභාපතිත්වය වැනි විවිධ ඉහළ තනතුරු දැරූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වඩාත්ම බලගතු චරිතයකි.

ෆලාහි කුමරිය

ෆලාහි සමඟින්, ශ්‍රී Lions මහා සම්මේලනයේ කටයුතු නැරඹීමට ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා ද ගෞරවනීය අමුත්තන් කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය​යේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සමග එකතු වී සිටින ක්‍රියාකාරී ආයතනයක් ලෙස පිළිගෙන ඇති ශ්‍රී ලයන්ස් ආයතනය එහි විධායක සභාපති ලෙස කටයුතු කරන කැළුම් සුජිත් පෙරේරා විසින් ආරම්භ කළ දා සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  විශාල ප්‍රමාණයකට ශ්‍රී ලංකා දේශයෙන් බැහැරව සිටිය ද තමන්ගේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා සේම හැඟීමකින්  ක්‍රීඩා කෞෂල්‍යයන් ලොවට කියාපෑමට මෙම සංවිධානය තුළින් අවස්ථාව උදාකර දී තිබෙනවා.

කැළුම් සුජිත් පෙරේරා

ශ්‍රී ලයන්ස් කණ්ඩායම අමිල පෙරේරා සහ අංජලී අනෙෂ්කා සුබසිංහ ඇතුළත් ප්‍රධාන ලේකම් කමිටුවද,

ගිණුම් පරිපාලක චාමර සිල්වා ද (භාණ්ඩාගාරික)

ඉසුරු ධනංජය (උප භාණ්ඩාගාරික),

සංජය ජිරසිංහ ද (විධායක ක්‍රීඩා සම්බන්ධීකාරක),

දිනේෂ් හේවාවසම් (විධායක විවිධ ඉසව් කළමනාකරු),

කෙමිත් ලින්දුල ( විධායක කළමනාකරු – රග්බි සහ තොරතුරු තාක්ෂණ),

යෝෂිත අහමඩ් (විධායක වෙළඳ නාමකරණය සහ අනුග්‍රාහක),

ඔමිල දම්මික (ගිණුම් පරීක්ෂක)

මීට අමතරව උපුල් ජයලත් සහ ඉස්තියාක් රාසික් යන මහත්වරුන් සභාපතිවරයාගේ උපදේශකයන් ලෙස ද කටයුතු කරනු ඇත.

වාර්ෂික මහා සභා රැස්වීමේ දී, ශ්‍රී ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා වර්ණවත්  කරමින්  එක්සත් එමීර් රාජ්‍යයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරී පත් වීමට වරම් ලැබූ වරුණ පෙරේරා හොඳම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා වශයෙන් පිදුම් ලැබීය. තවද ඔහුට 2 වැනි ශ්‍රී ලයන් අභිමාන හිස්වැසුම ප්‍රදානය කෙරුණි.

මීට අමතරව අ.පො.ස සා/පෙළ ඉංග්‍රීසි විෂය සඳහා ලොව දෙවැනි තැනට ඉහළම ප්‍රතිඵල ලබාගත් කේමිත් ලින්දුල ද විශේෂ සම්මානයට පාත්‍ර විය.

2022 වසරේ දී ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලයන්ස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන වසරේදීත්  විවිධ ක්‍රියාකාරකම් සමඟින් ඔවුන්ගේ දක්ෂතා ඔප් නංවමින් ඉතා ඉහළ තලයකට යොමු කිරීමට  ශ්‍රී ලයන්ස් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම කීර්තිමත් 47 වැනි බුකාතීර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ප්‍රබල කණ්ඩායමක් වන අතර ඔවුන් CBFS T20 ලීගයට ද සහභාගී විය. මලින්ද පුෂ්පකුමාර, මොහොමඩ් අස්ලම් සහ විකුම් සංජය ඇතුළු හිටපු ජාතික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් ය.

වයස අවුරුදු 25න් පහළ ආසියානු කුසලානය,

BS ක්‍රිකට් ලෝක ලීගය මෙන්ම Zalmi කුසලානය ද හිමිකර ගැනීමට ඔවුන් සමත් විය. ඔවුන් එක්සත් එමීර් රාජ්‍යයේ හි  ‘A’ කාණ්ඩය යටතේ හොඳම කණ්ඩායම් 12 අතරේ ක්‍රිඩා කිරිම ශ්‍රී ලංකා දේශයටද අභිමානයකි. රග්බි පාපන්දු හැර සියලුම ක්‍රීඩා කණ්ඩායම් ශ්‍රී ලාංකිකයන් ගේ නියෝජනය පමණක් ඇතිව ක්‍රීඩා කිරීම  ශ්‍රි ලංකා ජාතියට මහා අභිමානයක් ගෙන දෙන්නකි.

මීට අමතරව, 2021 සහ 2022 වසරවලදී ඩුබායි රග්බි 7s තරඟාවලියේ දී ජාත්‍යන්තර විවෘත පිරිමි අංශයෙන් තරග කොට අර්ධ අවසාන තරගවටය සඳහා ජයග්‍රාහීව සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ අභිමානයක් ගෙන දීමට සමත් විය. මෙම කණ්ඩායමේ නායකත්වය ශ්‍රීනාත් සූරියබණ්ඩාර හෙබ වූ අතර ලෝක පූජිත දකුණු අප්‍රිකානු ක්‍රීඩක සිසිල් africa උප නායකත්වය දරන ලදී, තවද ඔවුන් මෙම තරගාවලියේම  2019 වසරේදී ගල්ෆ් පිරිමි විවෘත කාණ්ඩය යටතේ තරග කොට ශූරතාවය ද 2019 වසරේ හනීෆා කුසලානය ද දිනා ගැනීමට සමත් විය.

ඩුබායි විවෘත සමර් බැඩ්මින්ටන් තරඟාවලිය මෙන්ම ඩුබායි එයාර් බැඩ්මින්ටන් තරඟාවලියද විවිධ ජයග්‍රහණ ලබාගැනීමට ශ්‍රී ලයන්ස් බැඩ්මින්ටන් කණ්ඩායම සමත් වී ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායම්වලට ඇතුලත් කර ගනිමින් ඔවුන්ගේ වොලිබෝල් කණ්ඩායම සහ නෙට්බෝල් කණ්ඩායම ස්ථාවර ප්‍රගතියක් ලබමින් සිටිති. ක්‍රීඩාවට අමතරව සමාජ ක්‍රියාකාරකම් වලින් සහ ළමුන් ගේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගනිමින් ගායන වාදන කථික යන අංශවලින් ශ්‍රී ලාංකික දූ දරුවන් ගේ අනාගතය සුඛිත මුදිත කිරීමට ශ්‍රී ලයන්ස් ලියාපදිංචි සංවිධානයක් වශයෙන් කටයුතු කරමින් සිටී

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගිනිකෙළි සංදර්ශන නැරඹීමට මෙට්‍රෝ හරහා බර්ජ් කලීෆා වෙත යාමට මාර්ග 3ක්
Next Article නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම 2023 දී
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.