Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»UAE හි පළමු ආහාර ශ්‍රේණියේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කම්හල
Environment

UAE හි පළමු ආහාර ශ්‍රේණියේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කම්හල

Stanly KularathnaBy Stanly KularathnaJanuary 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ආහාර ශ්‍රේණියේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ලබන අතර එය වඩාත් තිරසාර, කාර්යක්ෂම සහ තරඟකාරී කාර්මික අංශයක් ගොඩනැගීමට උපකාරී වෙනවා.

කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය (MoIAT) ප්‍රකාශ කළේ රට තුළ මෙම නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කම්හල සඳහා අඩිතාලම දමන අබුඩාබි තිරසාර සතියේ (ADSW) අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කිරීම සිදු කළ බවයි.

සැලසුම් යටතේ, වසරකට ටොන් 12,000ක පොලිඑතිලීන් ටෙරෙප්තලේට් (PET) ප්‍රතිචක්‍රීකරණ කම්හලක් අබුඩාබිහි ​ගොඩනැගෙනු ඇ​ත. ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය අපනයනය හරහා වෙළඳාම ඉහළ නැංවීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රයත්නයන්ට අනුකූලව, බලාගාරය ප්ලාස්ටික් ජල බෝතල් වැනි ආහාර ඇසුරුම් සඳහා භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍යයක් වන PET ප්‍රතිචක්‍රීකරණය කරනු ඇත.

අබුඩාබියේ ඉදිවන වර්ග මීටර් 40,000කින් යුත් මෙම මධ්‍යස්ථානය මඟින් රැකියා 100ක් උත්පාදනය කළ හැකි අතර සම්පූර්ණ මෙහෙයුම් ධාරිතාවයෙන් වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 18,000ක් විමෝචනය වීම වළක්වා ගත හැකිය.

මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වාධීන දේශගුණික විපර්යාස විධායක අධ්‍යක්ෂ, අතිගරු ආචාර්ය සුල්තාන් අහමඩ් මහතා ඉදිරියේ දී අත්සන් කරන ලදී. කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය අල් ජබර් සහ දේශගුණික විපර්යාස සහ පරිසර අමාත්‍ය මාරියම් බින්ට් මොහොමඩ් අල්ම්හයිරි යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට සහභාගී වුණා.

ප්ලාස්ටික් දූෂණය පරිසරයට සහ විශේෂයෙන් සාගර පරිසර පද්ධතිවලට විශාල හානියක් සිදු කරයි. එහෙත් ප්ලාස්ටික් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමෙන්, ආර්ථික වර්ධනයට සහ දේශීය චක්‍ර ආර්ථිකයක් ගොඩනැගීමට සහාය වන අතරම පරිසරය ද ආරක්ෂා කර ගත හැකි වෙනවා. සමාගම් තම නිෂ්පාදනවල ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතා කිරීමට යොමු වන බැවින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වෙළඳපොල සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය සඳහා වෙළඳපොළ 2025 වන විට ඩොලර් බිලියන 46 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවැටුප් ආරක්ෂණ ක්‍රමය (WPS)හරහා ගෘහ සේවිකාවන්ට වැටුප්
Next Article විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායක නොවුනොත් දඩ
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.