ඊයේ රාත්‍රීයේ ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී, ILT-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම හා ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර පැවැත්වුනා.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්ම පන්ඳු රැකීම තෝරාගත්තා.
පළමුව පන්ඳුවට පහරදුන් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 8කට ලකුණු 146 රැස්කලා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම පන්ඳු ඕවර 18.4 තුල කඩුලු 3 කට ලකුණු 149 ලබා ගනිමින් කඩුළු 7ක විශිෂ්ඨජයක් වාර්ථා කලා.
ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල වනිඳු හසරංග ලකුණු 55 රැස්කල අතර එයට හතරේ පහර 6 සහ හයේ පහර 2 ඇතුලත් වුනා. වනිඳු ලකුණු 55 ලබා ගත්තේ පන්ඳු 27 තුලදීයි. පන්ඳු යැවීමේදී ඔහු ඕවර හතරක් යවා ලකුණු 28 ලබාදී එක් කඩුල්ලක් ලබා ගත්තා.
ත්‍යාග ප්‍රධානයේදී, තරගයේ මීටර් 90 දිගු විශාලතම හයේ පහර වෙනුවෙන් වනිඳු හසරංග ඇ.ඩො. 1500 දිනාගත් අතර Sportsbuzz 11 තරගයේ Buzzmaker වෙනුවෙන්ද වනිඳු හසරංග ඇ.ඩො. 1500 දිනාගත්තා.