සාජා පුද්ගලික අධ්‍යාපන අධිකාරිය (SPEA) එමිරේට්ස්හි පෞද්ගලික පාසල් වෙත සිසුන් ප්‍රවාහනය කරන බස් රථ 2,000 ක කැමරා සහ ආරක්ෂිත උපාංග සවි කර තිබෙනවා. එමගින් දෙමාපියන්ට තම දරුවන් පාසලට යන එන අතරවාරයේ දී නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙනවා.
මෙහි පළමු අදියර Covid 19 වසංගතයට පෙර දියත් කරන ලද අතර දෙවන අදියරේදී බස්රථවල GPS උපකරණ සවි කරන ලදී. බස්රථ අධීක්ෂණයට ඉඩ දීම සඳහා ඒවා SPEA හි අධීක්ෂණ මැදිරියට සහ එමිරේට්ස් ප්‍රවාහනයේ මෙහෙයුම් මැදිරියට සම්බන්ධ කොට ඇත. මෙම වැඩසටහනට බස් රථ රියදුරන් සහ අධීක්ෂකවරුන් 3250 දෙනෙකුගේ ආරක්ෂිත පුහුණුවද ඇතුළත් වෙනවා.
SPEA හි රජයේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ Tariq Al Hammadi පැවසුවේ උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජාහි පාලක අති උතුම් ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මොහොමඩ් අල් කාසිමිගේ උපදෙස් මත මෙම මුලපිරීම දියත් කළ බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, “පද්ධතියේ දෙවන කොටස ලෙස බස් රථවල ටැබ්ලට් පරිගණක හරහා ලබා ගත හැකි අතර, සෑම අධීක්ෂකවරයෙකුටම පාලන සහ අධීක්ෂණ කාමරයට සම්බන්ධ ටැබ්ලට් උපාංගයක් ලබා දී ඇත. තෙවන කොටස ලෙස බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා පද්ධතිය තුළ තම දරුවන් ලියාපදිංචි කර ඇති දෙමාපියන්ට ලබා ගත හැකි උපාංග සහිත ස්මාර්ට් යෙදුමකි.
Al Hammadi පැවසුවේ බස් රථ 2,000 ක් පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. සිසුන්ගේ දත්ත සටහන් කිරීම සඳහා බස් රථ අධීක්ෂකවරුන්ට ටැබ්ලට් 2000ක් ලබා දී ඇත. මෙමගින් තම දරුවන් බසයට ගොඩ වන විට සහ ඔවුන් නිවසට පැමිණෙන විට භාරකරුවන්ට ඔවුන් දැක ගත හැකි වනු ඇත. බස් රථ අධීක්ෂකවරුන් 3,250 දෙනෙකු මෙම පද්ධතිය භාවිතා කිරීම පිළිබඳව පුහුණු කර ඇත. “දැනට සාජා එමිරේට්ස් හි පෞද්ගලික පාසල්වල සියලුම පාසල් බස් රථ අධීක්ෂක පද්ධතියට ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී” ඔහු වැඩිදුරටත් පැවසීය. එමීර් රාජ්‍යයේ ප්‍රමිතීන්ට අනුව ආරක්ෂක සහ ආරක්ෂිත උපාංග සවිකිරීම ආරම්භ කරන ලෙස එමිරේට්ස් හි සියලුම පෞද්ගලික පාසල් වෙත චක්‍රලේඛයක් ද යවා ඇති බව එම නිලධාරියා පැවසීය.