Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Festivals»UAE හි රාමසාන් කාලයට සිදුවන වෙනස්කම්
Festivals

UAE හි රාමසාන් කාලයට සිදුවන වෙනස්කම්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 23, 2023Updated:February 23, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ 9 වන මාසය වන අතර එය නිරාහාරව සිටීම, පුණ්‍යකර්ම සහ අධ්‍යාත්මික පරිවර්තන කාල සීමා​වකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අතර විවිධ සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වාරිත්‍ර සහිත ජ​නවාර්ගික බැඳී​මක් මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අය විසින් ද නිරීක්ෂණය කරනු ලැබේ.

ශුද්ධ වූ රාමසාන් උත්සවය සඳහා තවත් ඇත්​තේ මාසයකට අඩු කාලයකි. මෙම උත්සව කාලසීමාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ දෛනික චර්යාවන්හි වෙනස්කම් කී​පයක් අත්විඳීමට සිදුවෙනවා.

ඒ අතර ආයතනවල මෙහෙයුම් වේලාවන්හි වෙනස්කම්, අඩු රාජකාරි වේලාවන්, අඩු පාසල් වේලාවන් මෙන්ම වාහන නැවැත්වීමේ ගෙවීම් වේලාවන් ද වෙනස් වනු ඇත. විශේෂ සහ රාත්‍රී යාඥාවන් පැවැත්වෙන අතර, නිදාගැනීමේ රටාවන්ද වෙනස් වනු ඇත.

නගරවල ඇති උද්‍යානයන්ගේ විවෘත වන වේලාවන් වෙනස් කරනු ඇති අතර රාමසාන් රාත්‍රී වෙලඳපොලවල් මෙන්ම 90% දක්වා වට්ටම් ලබා දෙන විවිධ විකුණුම් සහ ප්‍රවර්ධනයන්​ද ඇතුලත්වෙනවා.

බලධාරීන් විසින් මේ දක්වා නිල ප්‍රකාශයක් කර නොමැති නමුත් රාමසාන් සමයේදී සිදුවන වෙනස්කම් කිහිපයක් නම්:

1. වැඩ කරන පැය ගණන අඩු කිරීම

වැටුප් කප්පාදුවකින් තොරව සාමාන්‍යයෙන් වැඩ කරන වේලාවන් පැය දෙකකින් අඩු කරනු ලබන අතර මුස්ලිම් නොවන අයට පවා මෙම අඩු කරන ලද සේවා කාලය සඳහා හිමිකම් ලැබේ.

2. කෙටි පාසල් වේලාවන්

සිසුන් පාසලේ අඩු පැය ගණනක් භුක්ති විඳිනු ඇත. සමහර පාසල් පවසන්නේ ඔවුන්ගේ රාමසාන් වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදේ 8 සිට පස්වරු 1 දක්වා බවත්  සිකුරාදා උදේ 8 සිට 11.30 දක්වාත්ය.

ශාරීරික අධ්‍යාපනය ක්‍රියාකාරකම් හෝ PE පාඩම් දිගටම පවතින අතර, නිරාහාරව සිටින සිසුන්ට ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට අවශ්‍ය නොවේ. සංගීත පාඩම් බොහෝ දුරට න්‍යාය මත පදනම් වන අතර පිහිනුම් පාඩම් අවලංගු වනු ඇත. ගුරුවරුන් විසින් ගෙදර වැඩ සහ පැවරුම් ප්‍රමාණය  සීමා කරනු ලබනවා.

පාසල් ආපනශාලා පිටට නොපෙනෙන ලෙස ආවරණය කරනු ඇත, එබැවින් නිරාහාරව සිටින සිසුන්ට ආහාර ගන්නා වෙනත් අය දැකීමක් සිදු නොවේ.

3. ව්‍යාපාරික මෙහෙයුම් වේලාවන්

සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් සාමාන්‍ය පරිදි විවෘතව පවතින අතර සමහර සාප්පු මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව පැවතිය හැකිය.

අවන්හල් ද විවෘතව පවතින නමුත් බොහෝ දෙනෙක් නිරාහාරව සිටින පැය ගණනට අනුගත වන අතර දිවා කාලයේ වසා තබනවා. සවස යාඥාවෙන් පසුව පමණක් විවෘත වේ. ආපනශාලා රාත්‍රියේ කාර්යබහුල වන අතර හිමිදිරියේ පවත්වන සුහූර් දක්වා මෙහෙයුම් දිගු කරයි.

සාප්පු සවාරි ගමනාන්ත ශුද්ධ මාසය තුළ දීර්ඝ පැය ගනනක් විවෘතව පවතී. රට පුරා රාත්‍රී වෙලඳපොලවල් ක්‍රියාත්මක කෙරේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සිල්ලර වෙළෙන්දෝ විවිධ නිෂ්පාදන සඳහා 90 %ක් දක්වා දැවැන්ත වට්ටම් පිරිනමති.

4. වාහන නැවැත්වීමේ වේලාවන්

රාමසාන් සමයේදී වාහන නැවැත්වීමේදී ගෙවිය යුතු පැය ගනන ද වෙනස් වේ. තවමත් නිල නිවේදන නොමැති වුවද, මේවා පසුගිය වසර සඳහා ගෙවන වාහන නැවැත්වීමේ කාලසටහන වේ:

අබුඩාබි: Mawaqif වාහන නැවැත්වීමේ ගාස්තු සෙනසුරාදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදේ 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ගෙවිය යුතු​වේ. සිකුරාදා සහ රජයේ නිවාඩු දිනවල වාහන නැවැත්වීම නොමිලේ.

ඩුබායි: වාහන නැවැත්වීමේ ගාස්තු අයකරන්නේ සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 8 සිට සවස 6 දක්වාත් සහ රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වාත්ය. ඉරිදා දිනවල වාහන නැවැත්වීම නොමිලේ. බහු මහල් වාහන නැවැත්වීම පැය 24 පුරා ගෙවන සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ.

සාජා: වාහන නැවැත්වීම උදේ 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ගෙවන සේවාවකි. තරාවීහ් යාඥාවන් අතරතුර මුස්ලිම් පල්ලි වටා වාහන නැවැත්වීම නොමිලේ වෙයි. සිකුරාදා සහ නිවාඩු දිනවල, බොහෝ කලාපවල වාහන නැවැත්වීම නොමිලේ​ය.

5. නිරාහාරව සිටීම සහ රිය පැදවීමේදී හැසිරීම

බලධාරීන්ට අනුව, නිරාහාරව සිටින මුස්ලිම්වරුන්ට රාමසාන් සමයේදී ප්‍රමාණවත් නින්දක් නොලැබීම සාමාන්‍ය දෙයක් වන අතර මෙය නිදිමත සහ දුර්වල රිය පැදවීමේ ක්‍රියාකාරිත්වයට හේතු විය හැක. ඔවුන් මෝටර් රථ හිමියන්ට උපදෙස් දෙන්නේ “ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමටත්, නිතිපතා ව්‍යායාම කිරීමට සහ නියමිත වේලාවට ආහාර ගැනීමටත්”ය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE-Oman දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 303 දිගු ජාලයක් සංවර්ධනය කිරීමට නව ගිවිසුමක් අත්සන් කරයි
Next Article “සිංඤෝරේ” : Al Quoz හි පිහිටි සුපිරි ශ්‍රී ලාංකික සැලෝන​ය
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.