Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»රාමසාන් උත්සවයට පෙර ෂෙයික් මොහොමඩ් සිරකරුවන් 971 දෙනෙකුට සමාව දෙයි
Uncategorized

රාමසාන් උත්සවයට පෙර ෂෙයික් මොහොමඩ් සිරකරුවන් 971 දෙනෙකුට සමාව දෙයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම ප්‍රදානය නිදහස් කරන ලද වරදකරුවන්ට ජීවිතයට නැවුම් ආරම්භයක් ලබා ගැනීමට සහ ප්‍රජාවට නැවත සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ශුද්ධ වූ රාමසාන් මාසයට පෙර සිරකරුවන් 971 දෙනෙකු නිදහස් කරන ලෙස නියෝග කර ඇත.

විවිධ ජාතීන්ට අයත් සමාව ලැබූ සිරකරුවන් විවිධ වැරදි සඳහා සිර දඬුවම් ලැබූ අය වෙයි. ඩුබායි හි නීතිපති චාන්සලර් එසාම් ඉසා අල්-හුමයිඩාන් පැවසුවේ සමාව ලැබූ පුද්ගලයින් ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් කිරීමට ෂෙයික් මොහොමඩ්ගේ උනන්දුව මෙම ප්‍රදානයෙන් පිළිබිඹු වන බවයි.

මෙම සමාව දීමෙන් නිදහස් වූ සිරකරුවන්ට ජීවිතයට නැවුම් ආරම්භයක් ලබා ගැනීමට සහ නැවත සමාජයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඩුබායි පොලිසියේ සහයෝගීතාවයෙන් ඩුබායි අධිකරණ​ය, ෂෙයික් මොහොමඩ්ගේ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ක්‍රියා පටිපාටි දැනටමත් ආරම්භ කර ඇති බව අල්-හුමයිඩාන් පැවසීය.

රාමසාන් වැනි වැදගත් ඉස්ලාමීය උත්ස​ව අවස්ථාවන්හිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෑම එමිරේට්හිම පාලකයන් සිරකරුවන්ට සමාව දීම සාමාන්‍ය සිරිතකි.

පසුගියදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, අති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්, සිරකරුවන් 1,025 දෙනෙකු බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙස නියෝග කර ඇත. එසේම, ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් සිරකරුවන් 151 දෙනෙකු නිදහස් කරන ලෙස උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ ෆුජයිරා හි පාලක අති ගරු ෂෙයික් හමාඩ් බින් මොහොමඩ් අල් ෂර් කි නියෝග කර ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA – රාමසාන් මාසය සඳහා සිය සේවා වේලාවන් නිවේදනය කරයි
Next Article UAE, තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා රටඉඳි කිලෝග්‍රෑම් 200,000 බෙදා දෙයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.