Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»UAE හි යාවත්කාලීවූ පාරිභෝගික ආරක්ෂණ නීතිය සහ නව දඬුවම් පැමිණවීමට යාන්ත්‍රණයක්
Law

UAE හි යාවත්කාලීවූ පාරිභෝගික ආරක්ෂණ නීතිය සහ නව දඬුවම් පැමිණවීමට යාන්ත්‍රණයක්

Stanly KularathnaBy Stanly KularathnaMarch 24, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික අමාත්‍යාංශය පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරන සිල්ලර වෙළෙන්දන් සහ අනෙකුත් ආයතන සඳහා නිශ්චිත දඬුවම් ඇතුළු තවත් බොහෝ තොරතුරු අඩංගු පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ 2022 අංක 15 දරන ෆෙඩරල් නීතිය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් සිටී.

මේ සඳහා ප්‍රාදේශීය සහ ෆෙඩරල් මට්ටමින්, පෞද්ගලික අංශයේ සහ වාණිජ මණ්ඩලවල පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කෙරෙන අතර 2023 පළමු භාගයේදී එය එළිදැක්වීමට අපේක්ෂා කෙරේ. එය බොහෝ අංශ ආවරණය වන අතර වඩාත් පැහැදිලි බවක් ලබා දෙනු ඇත. උදාහරණයක් ලෙස, උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගත් කල, මිලදී ගත් භාණ්ඩයේ දෝෂයක් තිබේ නම්, ඒ සම්භන්ධව විකුණුම්කරුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති නම්, පාරිභෝගිකයෙකුට බලධාරීන් වෙ​ත මතු කළ හැකි හිමිකම් හා දඬුවම කුමක්ද? පාරිභෝගික අයිතීන් සඳහා වන යාවත්කාලීනයේදී මෙවැනි විස්තර ආවරණය කෙරෙනු ඇත. ආර් ථික අමාත්‍යාංශයේ අධීක්ෂණ සහ පසු විපරම් අංශයේ සහකාර උපලේකම් අබ්දුල්ලා සුල්තාන් අල් ෆන් අල් ෂම්සි පැවසීය.

2022 වසරේදී අමාත්‍යාංශය විසින් පරීක්‍ෂණ 94,123ක් සිදු කර ඇති අතර, එමඟින් උල්ලංඝනය කිරීම් 4,227ක් සොයා ගන්නා ලදී. 2023 මුල් මාස කිහිපය තුළ පරීක්ෂණ සංඛ්‍යාව 8,170 ක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උල්ලංඝනය කිරීම් 1,030 ක් වාර්තා විය.

“මෙම පරීක්‍ෂණ තුළින් අපි මිල ටැග් ප්‍රදර්ශනය කිරීමටත්, ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දීමටත්, වංචා සහ වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීම් වලක්වාලීමටත් වග බලා ගත්තෙමු,” ඔහු පැවසීය.

බුද්ධිමත් පාරිභෝගිකයන්

වර්ථමානයේ පාරිභෝගිකයින් ඉතා බුද්ධිමත් බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට උපකාර වන උල්ලංඝනය කිරීම් පිළිබඳව අමාත්‍යාංශයට වාර්තා කරන බවත් ඔහු පැවසීය.

“දැන් වෙළෙන්දන්ට පාරිභෝගිකයා හසුරුවා ගැනීම පහසු නොවන අතර එය සියලුම පාර්ශ්වකරුවන්ට, විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පහසුව ගෙන දෙනවා, මන්ද උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කිරීම ගනුදෙනුකරුවන්ගෙන්ම සිදුවේ” යනුවෙන් අල් ෂම්සි බ්‍රහස්පතින්දා පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

භාණ්ඩ මිල ඉහළ දැමීමට සිල්ලර වෙළෙන්දන් විසින් මෑතක දී කරන ලද ඉල්ලීම් ගැන කතා කරන අතර, මිල වෙනස් කිරීම සඳහා අවසර ලබා දීම සඳහා අමාත්‍යාංශය නිවැරදි මාර්ගයේ ගමන් කරන බව සහතික කිරීම සඳහා බාහිර විශේෂිත විගණන ආයතන පත් කර මිල ඉහළ දැමීම වලංගු කිරීමට සහ සාධාරණීකරණය කිරීමට නව යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ඔහු පැවසීය.

මෑතකදී ඩුබායි හි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අල් ෂම්සි අවධාරණය කළේ, සැපයුම්කරුවන් විසින් අසාධාරණ මිල ඉහල දැමීම් සිදු නොකරන බවට අමාත්‍යාංශය සහතික කරන බවයි. ඒකාධිකාරී භාවිතයන්ට එරෙහිව යාන්ත්‍රණයන් ශක්තිමත් කරන අතරම හොඳ වෙළඳ භාවිතයන් ප්‍රවර්ධනය කරයි.

ප්‍රමාණවත් සැපයුමක්

සහල්, පිටි, සීනි, මස්, කුකුල් මස්, මාළු, කිරි නිෂ්පාදන, යුෂ සහ අනෙකුත් මූලික භාණ්ඩ සැපයුම්කරුවන් සමඟ 2023 වසරේදී ආර්ථික අමාත්‍යාංශය රැස්වීම් 26ක් පවත්වා රාමසාන් සමයේදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තරම් මෙම භාණ්ඩ තොග ඇති බවට සහතික විය.

ඩුබායි හි දෛනික පළතුරු සහ එළවළු පරිභෝජනය ටොන් 19,000 දක්වා ළඟා වී ඇති අතර අබුඩාබියේ පලතුරු සහ එළවළු අපනයන පරිමාව ටොන් 6,000 කට ආසන්න විය. දැනට පවතින පළතුරු සහ එළවළු තොගය ටොන් 143,000ක් බව අමාත්‍යාංශය පවසයි. අල් ෂම්සි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ මිලදී ගත් දේට අදාල ඉන්වොයිසිය සුරැකිව තබා ගැනීම වැනි ඥාණාන්විත මිලදී ගැනීමේ පිළිවෙත්වලට අනුගත වන ලෙසයි, එය ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සහ ඔවුන් මිලදී ගත් දේ සමඟ ගැලපීම සඳහා වන පළමු පියවරයි. “එය පාරිභෝගිකයෙකු ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම දුක්ගැනවිල්ලක් සම්බන්ධයෙන් අදාළ රජයේ බලධාරීන් වෙත ඉදිරිපත් කළ හැක්කේ ඔවුන්ගේ ඇපකරයයි,” ඔහු පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා තිරසාර නගරය, ආහාර නාස්තිය අවම කිරීම සඳහා රාමසාන් ව්‍යාපාරය දියත් කරයි
Next Article රාමසාන් වෙනුවෙන් ඩුබායි හි ස්ථාන 3​ක ගිනිකෙළි සංදර්ශන
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.