Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Municipality»ඩුබායිහි සුප්‍රසිද්ධ ඩේරා ඔරලෝසු කණුව ප්‍රතිනිර්මාණය කෙරේ
Dubai Municipality

ඩුබායිහි සුප්‍රසිද්ධ ඩේරා ඔරලෝසු කණුව ප්‍රතිනිර්මාණය කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaMay 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි මහ නගර සභාව එහි සෞන්දර්යාත්මක ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රකට ඩේරාහි ඔරලෝසු කණු වටරවුම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති අතර ජල පොකුණු සැලසුම වැඩිදියුණු කිරීමත්, බහු වර්ණ ආලෝකර​ණ පද්ධති එක් කිරීම ඇතුළු වෙනස් කිරීම් කීපයක් මෙයට ඇතුලත් වෙනවා.

ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් Dawoud Al Hajri පැවසුවේ, “මෙම ප්‍රතිසංස්කරණය මගින් ඩුබායි හි ඓතිහාසික හා වාස්තුවිද්‍යාත්මක බිම් සලකුණු පවත්වාගෙන යා​මත් අනාගත පරම්පරාවන් සඳහා ඒවා ආරක්ෂා කිරීමත්, නගරයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමත් මහ නගර සභාවට ඉහළ මට්ටමේ තිරසාර නාගරික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමත් සිදු වෙනවා”

ඩුබායි මහ නගර සභාවේ සාමාන්‍ය නඩත්තු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ජාබීර් අල් අලි පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණයට මාස තුනක කාලයක් ගතවන බවත් මෙම ව්‍යාපෘතියට අලංකාර ගෙවතු වගාවන්, භූමි​යේ ව්‍යුහය වෙනස් කිරී​ම, බහු වර්ණ ආලෝකකරණය ක්‍රියාත්මක කිරීම සහ ජල පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් බවයි.

අධිකාරිය විසින් සන්ධිස්ථානයේ ඓතිහාසික හෝ වාස්තු විද්‍යාත්මක වැදගත්කම​ට හානි නොවන පරිද්දෙන් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ඇත.

ඩේරා ඔරලෝසු කණු වටරවුම සැලකිය යුතු ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක සලකුණක් වන අතර එය ලොව පුරා ඇති වඩාත්ම සිත් ඇදගන්නා ඔරලෝසු කණුවලින් එකකි.

1963 දී ඉදිකරන ලද මෙ​ම ඔරලෝසු කණුව, ඩේරා සහ බර්ඩුබායි අතර පළමු ගොඩබිම් මාර්ගයේ වූ බැවින් ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා අතර එය පිහිටා ඇත්තේ ඩුබායිහි උම් හුරේර් වීදිය සහ අල් මක්ටූම් වීදියේ සන්ධිස්ථානයක වන අතර එය වඩාත් වැදගත් සන්ධිස්ථානයකි.

ඩුබායි-අබුඩාබි මාර්ගය ඉදිකිරීමට පෙර, එය ඩුබායි වෙත යන ප්‍රධාන මහාමාර්ග සඳහා ආරම්භක ස්ථානය ලෙස සලකණු ලැබීය.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඩුබායි 2040 නාගරික ප්‍රධාන සැලැස්මට අනුකූල වන අතර එය එමිරේට්ස් හි තිරසාර නාගරික සංවර්ධනය සඳහා සවිස්තරාත්මක උපාය මාර්ගයක් ගෙනහැර දක්වන අතර ජනතාවගේ ජීවන තත්ත්වය සහ සතුට ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි බොදු ගී සැඳෑව හෙටයි
Next Article ලෝකයේ වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන්නන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.