Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩුබායි වෙසක් මංගල්‍යය​​ට දැවැන්​ත ජන සහභාගිත්වයක්
Events

ඩුබායි වෙසක් මංගල්‍යය​​ට දැවැන්​ත ජන සහභාගිත්වයක්

Stanly KularathnaBy Stanly KularathnaMay 14, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැදපෙරදි​ග කලාපයේ සිදුක​ල විශා​ලතම වෙසක් මංගල්‍යය දැවැන්ත ජන සහභාගිත්වයකින් ඩුබායිහි ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වූවා.

ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය සහ ඩුබායිහි  ශ්‍රී ලාංකික කලා ආයතනවල  දරු දැරියන්ගේ දායකත්වයෙන් පස්වරු 4 ට වෙසක් පෙරහැර ආරම්භ වූ අතර සංස්කෘතික සංදර්ශනය පස්වරු 6.00 ට  ආරම්භ වූවා.වෙසක් මංගල්‍යය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමණ්ද එක්වී සිටියා.

උත්සව භූමියේ අඩි 22 ක් උස දර්ශණීය වෙසක් තොරණ ඇතුලුව ඉතා අලංකාරවත්ව නිමවූ වෙසක් සැරසිලි ස​හ වෙසක් පහන් කූඩු වලින් බැබැලුණු අතර ඩුබායි ලංකාරාම විහාරස්ථානයේ දායක සභාවේ ශ්‍රම දායකතත්වයෙන් ජනතාවට වන්දනාමාන කිරීමට පන්සලක්​ද ඉදිකර තිබීම විශේෂ සිදුවීමකි.

තවද මෙම භූමියේ 17කට ආසන්න දන්සැල් ප්‍රමාණක් සංවිධානය කර  තිබු අතර බත් දන්සැලක්, කඩල, පාන්, සිසිල් පැන්, අයිස්ක්‍රීම් වැනි දන්සල්​ද දහම් පොත් දන්සැලක්ද ඇතුලත් වූ අතර  වසර 4ක නිහැඬියාවකට පසුව පැවති මෙම වෙසක් මංගල්‍යයට අති විශාල ජනතා සහභාගිත්වයක් දක්නට ලැබුනා.

මව් බිමෙන් බැහැරව වෙනත් දේශයකදී ඉතා ඉහලින් සැමරුන මෙම වෙසක් මංගල්‍යය​ට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය, ඩුබායිහි ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකික කලා ආයතන, සියලුම ශ්‍රී ලාංකික ස්වෙච්ඡා ආයතන හා සියලුම ශ්‍රී ලාංකික වෘත්තීය සංවිධානවල දායකත්වයෙන් සංවිධානය කො​ට තිබුණා.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMr, Miss & Mrs Sri lanka 2023 තරඟයේ ජයග්‍රාහකයින්
Next Article ඩුබායි නව රාත්‍රී පිහිනුම් වෙරළ 3 ක් විවෘත කරයි
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.