Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Rank»ශ්‍රී ලංකාවේ ගුවන් ආරක්ෂාවට ජාත්‍යන්තර ඇගැයීමක්
Rank

ශ්‍රී ලංකාවේ ගුවන් ආරක්ෂාවට ජාත්‍යන්තර ඇගැයීමක්

Stanly KularathnaBy Stanly KularathnaMay 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමකින් පවත්වා ගෙන යාමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කළාපය ද වඩාත් ආරක්ෂිත බවත් ඊයේ අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ( International Civil Aviation Organization – I.C.AO. ) විසින් පවත්වන ලද ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගනනයේ දී තහවුරු වී තිබේ.

මෙම ජාත්‍යන්තර විගනන පරීක්ෂණය ඉකුත් මැයි 08 දින සිට මැයි 18 දින දක්වා සුදුසුකම් ලත්, ජාත්‍යන්තර ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ විදේශීය විගනන පරීක්ෂකවරුන් පිරිසක් සිදු කර තිබුණි .

එහිදී ඔවුන් ජාතික ගුවන් සේවා නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා ක්‍රියාත්මක කරනු ලබන විදේශීය ගුවන් සේවා ඇසුරෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වා ගෙන යාම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ විමසුමක් සිදු කර තිබේ.

මෙවැනි විගනන විමසුම් නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ කළාපීය වශයෙන් ඉහළ ස්ථානයක ශ්‍රේණි ගත වීම, විදේශීය ගුවන් සමාගම් මෙරටට වැඩි වශයෙන් ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීම මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කළාපය වැඩි වශයෙන් විදේශීය ගුවන් සේවා භාවිතා කිරීමට පෙළඹීම ද සිදු වීමට නියමිතය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA මගින් පොදු ප්‍රවාහනමාධ්‍ය සහ වාහන නැවැත්වීමේ ස්ථාන සඳහා පරීක්ෂණ මෙහෙයුම් මාලාවක්
Next Article UAE හි සමාජ මාධ්‍යවල නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයට එරෙහිව සටන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරයි
Stanly Kularathna

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.