Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකාව දරුණුම ලෝක කුසලාන පරාජය ලබයි
Events

ශ්‍රී ලංකාව දරුණුම ලෝක කුසලාන පරාජය ලබයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 3, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර ආසියානු කුසලාන අවසන් මහ තරගයේ අමිහිරි මතකය ශ්‍රී ලංකාවට යළිත් සිහිපත් කළ ඉන්දියානුවෝ, මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 302 ක දැවැන්ත ජයක් ලබමින් කල්තියාම තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. එය එක්දින ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ දරුණුම පරාජය ලෙසද වාර්තා අතරටද එක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 358 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ ලකුණු 55 කට සීමාකිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූ අතර එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ලෙසද සටහන් විය. මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ලකුණු 55 කට දැවී ගොස් තිබුණේ මින් වසර 37 කට පෙර එනම් 1986 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේය.

එක්දින ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර එය ඕනෑම කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගයකදී ලබාගත් සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව බවටද පත් විය. එහිදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය ලකුණු පරතරය අතින් ගත්කල එක්දින ක්‍රිකට් ඉතිහායේ සිවුවැනි දැවැන්තම පරාජය මෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි දැවැන්තම පරාජයද විය. 1975 වසරේදී පාකිස්තානය හමුවේ ලැබූ ලකුණු 192 ක පරාජය, ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගයකදී මින් පෙර ලබා තිබූ දරුණුම පරාජය විය.

ලකුණු 29 කට කඩුළු 8 ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 20 ක් එක්කළ මහීෂ් තීක්ෂණ (නොදැවී 12) සහ කසුන් රාජිත (14) සිය කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීගිය කණ්ඩායම බවට පත්වීමට තිබූ අවදානමින් මුදවාගත්හ. ඔවුන් දෙදෙනා හැරුණු කොට ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් වූ එකම ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ ඇන්ජලෝ මැව්ස් (12) ය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක කඩුල්ල මුවාකිරීමට හසුකරගත් ජස්ප්‍රීට් බුම්රා ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ඔහුගේ අඩි පාරේම ගිය මොහොමඩ් සිරාජ්, ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 4 ක් එක්වන විට සෙසු මුල් පෙළ පිතිකරුවන් තිදෙනාද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 357 ක් ලබාගත්තේය. එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ඩිල්ෂාන් මධුෂංක, ලකුණු 80 කට කඩුළු 5 ක් බිඳහෙළමින් තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා බවටද පත්විය. මේ දක්වා තරග 7 කදී ඔහු බිඳහෙළා ඇති කඩුළු සංඛ්‍යාව 18 කි.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 56 කදී දැවැන්ත හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 82 ක් රැස්කරමින් ඉන්දියාවට ලකුණු 350 සීමාවෙන් ඔබ්බට යෑම සඳහා දායකත්වය දැක්වීය. 48 වැනි ඕවරයේ මුල් පන්දු දෙකට පිට පිටම හයේ පහර දෙකක් එල්ල කිරීමෙන් අනතුරුව ඔහු දැවී ගියේ මධුෂංකගේ 5 වැනි ගොදුර බවට පත්වෙමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී පළමු කඩුල්ල බිඳවැටුණද, ශුඩ්මන් ගිල් (92) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 179 කදී ලකුණු 189 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට විරාට් කෝලි (88) සමත් විය. එම සම්බන්ධතාව නිමාවට පත්වූයේ මධුෂංකගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ගිල් දැවී යෑම හේතුවෙනි.

ලකුණු 9 ක් ලබා සිටියදී මධුෂංකගේ පන්දුවක් හමුවේ ගිල් ලබාදුන් අසීරු උඩ පන්දුවක් චරිත් අසලංක අතින් ගිළිහී ගිය අතර එම අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත් ඔහු, පන්දු 55 කදී හතරේ පහර 8 ක් සමග සිය 11 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ශතකය පෙනි පෙනී දැවී යන විට පන්දු 92 කට මුහුණදී සිටි ගිල්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සිය ඉනිම සරසා තිබිණ.

පන්දු 94 කට මුහුණ දෙමින් හතරේ පහර 1 ක් සමග ලකුණු රැස්කළ කෝලි දැවී ගියේ මධුෂංකගේ පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක අතට උඩපන්දුවක් දෙමිනි. ලකුණු 10 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කෝලි ලබාදුන් උඩ පන්දුවක් චමීර අතින්ම ගිළිහී යෑමෙන් ඔහුට අර්ධ ශතකයක් කරා යෑමට අවස්ථාව උදා විය. මෙම ඉනිමත් සමග මෙම වසර (2023) තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකර යෑමටද කෝලිට හැකි විය.

දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් ලකුණු 21 කට දැවී යෑමත් සමග ඔහු සහ ශ්‍රෙයාස් අයියර් අතර ඉන්දීය ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 ක් තුළ ගොඩනැගී තිබූ සම්බන්ධතාව ලකුණු 60 කට සීමා විය. ඉන් අනතුරුව පිටියට පිවිසි සූර්යකුමාර් යාදව්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොදුන් මධුෂංක, බවුන්සර් පන්දුවකින් ඔහුගේ ඉනිම නිමාවට පත් කළේය.

තරගයේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ නායක රෝහිත් ශර්මා දෙවැනි පන්දුවේදී ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මධුෂංක සමත් වූයේ පිටතට දෝලනය කළ පන්දුවකින් ඔහුගේ කඩුල්ල බිඳදමමිනි. මේ දක්වා එක්දින තරග 13 කට ක්‍රීඩා කර ඇති මධුෂංක, එම තරගවල තමා යැවූ පළමු ඕවරයේදීම කඩුල්ලක් දවාගත් 5 වැනි අවස්ථාව මෙය විය.

ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 6 ටම ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ අතර ඔහුගේ ස්ථානය සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා සිටියේය. ඉන්දීය කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා සහභාගි වූයේ කිසිදු වෙනස්කමක් සිදු නොකරමිනි.

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති උපදෙස් මත පලස්තීන පවුල් සම​ග දරුවන් 1,000කට UAE රෝහල්වල ප්‍රතිකාර
Next Article අභිමානය සහ පක්ෂපාතිත්වය සංකේතවත් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජ දිනය සමරයි
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.