Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සංචාරක ව්‍යාපාරය ගොඩ නැඟීමට Pekoe Trail හඳුන්වා දෙයි
Sri Lankan news

සංචාරක ව්‍යාපාරය ගොඩ නැඟීමට Pekoe Trail හඳුන්වා දෙයි

kumudikaBy kumudikaJanuary 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත “Pekoe trail” ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිකුරාදා (19) පැවැත්විණ.

මෙම  ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර ව්‍යාපෘතියට ගෝලීය වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී ඇති බව සඳහන්‍ ය. එය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දියුණුවට විශාල පිටිවහලක් වනු ඇති බවත් මෙම අවස්ථාවට එක් වූ Pekoe trail කණ්ඩායම පැහැදිළි කළහ.

එසේම මෙතෙක් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස නොසළකන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

ඒ නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති නීතිමය හා අනෙකුත් ගැටළු පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගත යුතු බවත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කිරීම වැදගත් බවත් සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ ප්‍රාදේශීය වතු සමාගම් සහ අනෙකුත් රේඛීය ආයතනවල නියෝජිතයින් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසද සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. රාජ්‍ය වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. එස්. එස්. බී යාලේගම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් , ප්‍රාදේශීය වතු සමාගම්වල නියෝජිතයින්, Pekoe trail කණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි රජයේ ආයතන 2023 වසරේ රජයේ පාරිභෝගික සංතෝෂ අනුපාතය 93% කින් වාර්තා කරයි
Next Article එමීර් රාජ්‍යය WEF 2024 හි ආර්ථික ජයග්‍රහණ සහ ගෝලීය සහයෝගීතාව ප්‍රදර්ශනය කරයි
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.