Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඔලිම්පික් ක්‍රීඩකයෙක් පලමු වරට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට
Sri Lankan news

ඔලිම්පික් ක්‍රීඩකයෙක් පලමු වරට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට

kumudikaBy kumudikaNovember 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් නියෝජනය කළ ක්‍රීඩකයකු පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු අවස්ථාව මෙය වේ.

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කර ඇති තිලකරත්න මහතා 1998දී ජපානයේ ෆුකෝකා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 44.61කින් පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව තවමත් බිඳ හෙළීමට කිසිවකු හෝ සමත්ව නැත.

1973 වසරේ ජූලි මස 30 වන දා නෝටන්බ්‍රිජ්හිදී උපත ලද සුගත් තිලකරත්න, පසු කලෙක විදුලිපුර ධාවකයා ලෙස මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ප්‍රකටවී මීටර් 400 ඉසව්ව තුළින් ශ්‍රී ලංකා නාමය ලෝක මට්ටම කරා රැගෙන ගියේය. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේදී මීටර් 400 ඉසව්වේ මූලික වටයේදී එම ඉසව්වේ ශූරයා වූ මයිකල් ජොන්සන් පරාජය කිරීම විශාල වශයෙන් කතාබහට ලක්වූ සිදුවීමක් විය.

1998 වසරේ තායිලන්තයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 400 රන් පදක්කම, මලයාසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙ‍ළේදී හා 2002 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් සුගත් තිලකරත්න දිනා ගත්තේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දීම 21 වන දා
Next Article පලමු කැබිනට් රැස්වීම අද
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.