ඩුබායි රග්බි 7s ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙතෙක් වාර්තා නොකල විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට sri Lions රග්බි කණ්ඩායම සමත් වී තිබේ. ලොව දක්ෂතම රග්බි කණ්ඩායම් සහභාගී වූ ඩුබායි සත් සාමාජික පිරිමි විවෘත ශූරතාවලියේ ජයග්‍රහණය හිමි කර ගනිමින් ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ රන් අකුරින් නම සනිටුහන් කිරීමට Sri Lions කණ්ඩායම සමත් වූහ.
මෙහිදී දකුණු අප්‍රිකාව, ෆීජි, ඕස්ට්‍රේලියාව, ටොංගා ,කෙන්යාව සහ ඇමරිකාව වැනි රටවල මැදපෙල කණ්ඩායම් සමඟ Sri Lions රග්බි කණ්ඩායම තරඟ වැදුනි. The Seven’s ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරඟාවලියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කල Sri Lions කණ්ඩායමට කුසලානය හිමි විය.
වසර 4 ක් පුරාවට Sri Lions කණ්ඩායම පිරිමි විවෘත ශූරතාවලියට තරඟ වැදුනු අතර ඉන් වසර දෙකක් අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වූහ. පසු ගිය 2023 වසරේ මෙම තරඟාවලියෙන් පලඟ ශූරතාව දිනා ගැනීමට Sri Lions රග්බි කණ්ඩායම සමත් විය. 2019 වසරේ Gulf Men’s තරඟ ශූරතාව දිනා ගැනීමටද Sri Lions සමත් විණි.
ස්පාඤ්ඤය කණ්ඩායම (Speranzu) හමුවේ 12/26 ක් ලෙස Sri lions කණ්ඩායම පරාජයට පත් විය. Eaprit Sud Seven’s (ස්කොට්ලන්තය) – 21/ 5, God Father කණ්ඩායම (එංගලන්තය) 24/ 22 ක් සහ අර්ධ අවසන් පූර්ව තරඟයේදී OG sevens (එංගලන්තය) කණ්ඩායමට එරෙහිව ලකුණු 31/14 හිමි කර ගනිමින් Sri Lions කණ්ඩායම ජය හිමි කර ගත්හ.
අවසන් පූර්ව තරඟයේදී Tropics කණ්ඩායම – (කැනඩාව) 28/19 ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤය Speranza කණ්ඩායම 36/ 17 ලෙසින් පරාජය කිරීමට Sri Lions කණ්ඩායම සමත් වූහ.
ජයග්‍රහණය කල Sri Lions කණ්ඩායම (ශ්‍රී ලංකා)
දිනුක් අමරසිංහ (නායක), simone Fisi U mola ( ටොංගා), ,Charles Philip Taylor (ඕස්ට්‍රේලියාව) , Ratu Manueli, Mope Raiba, Vaviano Sasituka Tira Patterson (ෆිජී ) Van Schalkwya Jean, Johamen Var Der merwe (දකුණු අප්‍රිකා) , තීක්ශණ එශාන්, රවීන් ෆර්නැන්ඩු, මොහොමඩ් නිස්රාන්, දුලාජ් නවෝද්‍ය, (ශ්‍රී ලංකා ) , තුසිත නුවන් ( භෞත චිකිත්සක) , ප්‍රධාන පුහුණුකරු Epali Devatawlu (ෆිජී)