විදේශවලට පලාගොස් එම රටවල සිට දිවයිනේ සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන මෙහෙයවන පාතාල සාමාජිකයන් 293 දෙනකුට අන්තර්ජාතික පොලීසිය මඟින් මේ වන විට රතු, නිල් සහ කහ නිවේදන නිකුත් කර තිබේ.

රතු නිවේදන 199ක්, නිල් නිවේදන 90ක් සහ කහ නිවේදන 4ක් මෙලෙස නිකුත් කර ඇත.

විදෙස්ගතව සිටින අපරාධකරුවන් මෙලෙස ගෙන්වාගැනීම සඳහා අන්තර්ජාතික සහය පොලීසියට නොඅඩුව ලැබී ඇති අතර, විදේශගතව සිටි අපරාධකරුවන් 19 දෙනකු පසුගිය දිනවල ලංකාවට රැගෙනැවිත් තිබේ.

මේ ක්‍රියාදාමය තීව්‍ර වීමත් සමඟ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් වෙනත් රටවලට පලායෑමේ ඉඩකඩද සීමා කළ හැකි බව පොලීසියේ අදහසයි.

Share.

Comments are closed.

Exit mobile version