අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරු­බදු ප්‍රති­ප­ත්තිය හේතු­වෙන් ආසි­යානු කොටස් වෙළෙ­ඳ­පොළ වසර 17කට පසු තනි දින­යක දරුණු බිඳ වැටී­ම­කට ලක්වූ පළමු අව­ස්ථාව ඊයේ වාර්තා විය. ෂැංහායි සිට ටෝකියෝ දක්වා සහ හොංකොං රාජ්‍යය ඇතුළු තවත් රට­වල් රැසක කොටස් වෙළෙ­ඳ­පොළ දැඩි පසු­බෑ­ම­කට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂැංහායි කොටස් වෙළෙ­ඳ­පොළ 8%කින් ද, හොංකොං හි හැං සෙං කොටස් 13%කට වැඩි ප්‍රමා­ණ­ය­කින් ද පහත වැටී ඇති අතර, ජපා­නයේ නිකී 225 කොටස් 7.8%කින් ඊයේ පහත වැටුණු බව වාර්තා වේ. වසර 2008න් පසුව ආසි­යාවේ කොටස් වෙළෙ­ඳ­පො­ළට ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රති­ප­ත්ති­යෙන් දැඩි බල­පෑම් එල්ල වී ඇත්තේ ආසි­යානු කලා­පයේ මෝටර් රථ නිෂ්පා­ද­නයේ සිට ඇඟ­ලුම් නිෂ්පා­ද­නය දක්වා අමෙ­රි­කාව ප්‍රධා­න­තම ගැනු­ම්කරු ලෙස කට­යුතු කිරීම හේතු­වෙන් බව ද වාර්තා වේ. වියට්නාමය සහ බංග්ලා­දේ­ශය වැනි රට­වල ප්‍රධා­න­තම අප­න­යන වෙළෙ­ඳ­පොළ කේන්ද්‍ර වී ඇත්තේ අමෙ­රි­කාව මත බැවින් තීරු­බදු ඉහළ නැංවී­මෙන් ආසි­යානු කලා­පයේ රට­වල් පෙර නොවූ විරූ ආකා­රයේ ආර්ථික පසු­බෑ­ම­කට ලක්වනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ.

අමෙ­රි­කානු තීරු­බදු ප්‍රති­ප­ත්ති­යෙන් බංග්ලා­දේ­ශයේ අප­න­ය­න­ව­ලට 37%ක තීරු­බදු පනවා ඇති අතර එරට ඇඟ­ලුම් නිෂ්පා­දන හා අප­න­ය­න­ක­රු­වන්ගේ සංග­ම­යට අනුව අමෙ­රි­කා­වට එර­ටින් අප­න­ය­නය කරනු ලබන ඇඟ­ලුම් නිෂ්පා­දන වටි­නා­කම ඩොලර් බිලි­යන 8.4ක් වන බවද වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version