සහන සුබ සාධන සංගමයේ 8 වන වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා Al Bustan Center & Residence හිදී පැවැත් විණි. මේ සඳහා එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනිය මහාචාර්ය අරූෂා කුරේ මැතිණිය සහ ඩුබායි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ආරාධිත ඇරයුමෙන් සහභාගී වූහ. සංගමය සඳහා නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කර ගැනීම මෙදින සිදු විණි.
ඒ අනුව නව සභාපතිවරයා ලෙස සංජය රෝහිත ජිරසිංහ මහතා සහ උප සභාපතිවරයා ලෙස මදුජිත් රංග හේරත් මහතා තේරී පත් විය. නව ලේකම්වරයා ලෙස තෝරා ගැනුණේ මහේෂ් උපේන්ද්‍ර මහතාය. සමීර ධනංජය හේවාපතිරණ මහතා භාණ්ඩාගාරික ලෙස තෝරා ගැනුණි. කාර්යය මණ්ඩල කළමණාකරු වන්නේ දිනේෂ් ඩී සිල්වා මහතාය.
මේ අතර නව අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස ධනික නන්දික තේනුවර ගමගේ, ෆාතිමා සිල්මියා රාසික්, Natasha Soomoon, Saud Abdulla Juma Humaid Al Ali හා Jawaher Ahmed Al Blooshi යන අය තේරී පත් විය.
නව නිලධාරී මණ්ඩලය
හිටපු නිලධාරී මණ්ඩලය
සහන සුබ සාධන සංගමයේ සුබ සාධන ව්‍යාපෘති ඇතුළු සියළු කටයුතු සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් නිරතුරුව සංගමය සමඟ අත්වැල් බැඳ සිටින Dubai Lanka News අප ආයතනයට සහ Affinivo Advertising ආයතනයට ඇගයුම් සම්මාන ලබා දීමද මෙදින සිදු කෙරිණ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් 2013 වසරේදී පිහිටවනු ලැබූ සහන සුභසාධක සංගමය, 2015 වසරේ සිට නිත්‍යානුකූලව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ ශ්‍රී ලාංකික සමාජ සේවා සංවිධානය ලෙස සහන සුභසාධක සංගමය එහි වැඩ කටයුතු දියත් කරනු ලැබීය.
එහි ආරම්භයේ සිට මේ දක්වා සමාජසේවා සහ සුභසාධන කටයුතු ඔස්සේ සංගමය අසරණ භාවයට පත් වූ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට උපකාර කිරීමටත්, ඩිරාම් මිලියන ගණනක් ලාංකික ජනතාවගේ සුබ සාධනය සඳහා වෙන් කර තිබේ.