Author: kumudika

ගෝලීය බුදු දහම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව මෙම සමුළුව ලබන බදාදා තායිලන්තයේ රාජ්මංගල විශ්වවිද්‍යලයේදී පැවැත්වෙන බව සඳහන් වේ. මෙම සමුළුවට තායිලන්තය, ශ්‍රී ලංකාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය හා බුරුමය යන රටවල බෞද්ධ දූත මණ්ඩල සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එම සමුළුවට බෞද්ධ දූත මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහභාගි වෙති. සමුළුවේ ප්‍රධාන දේශනය රාජකීය පණ්ඩිය පූජ්‍ය දැල්තර ඥාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සිදු කරන බව ද වාර්තා වේ.

Read More

ලොව ප්‍රධානතම සිනමා සම්මාන උලෙළක් වන ‘ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ’ පසුගියදා පැවැත් විය. ඒ, 68 වැනි වරටයි. (68th Filmfare Awards South (Tamil) 2023) මෙවර සම්මාන උලෙළෙහි සිය නාමය ඉහළින් ම රඳවා තබාගැනීමට, ජාත්‍යන්තර සිනමා සන්නාමයක් වන ‘Lyca Productions’ සමත්කම් දක්වා තිබේ. එහිදී ‘පොන්නියන් සෙල්වම් – 1’ (Ponniyin Selvan -1) හොඳම සිනමා නිර්මාණය ලෙසත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂක මනිරත්නම් හොඳම සිනමා අධ්‍යක්ෂක ලෙසත්, හොඳම සංගීත ඇල්බමය ලෙස එම සිනමා කෘතිය සඳහාම ඒ ආර් රහ්මාන් ද ,හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් අන්ට්‍රජා නන්දි ද සම්මානයට පාත්‍ර වූහ. පොන්නියන් සෙල්වම්, ලාංකීය ව්‍යවසායකයකු ලෙස ලෝකය ජයගත් Lyca Production ඇතුළු ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්ය අලිරාජා සුභාස්කරන් මැතිතුමාගේ නිෂ්පාදනයකි. ඒ අනුව ආචාර්ය අලිරාජා සුභාස්කරන් මැතිතුමා, හොඳම සිනමා…

Read More

ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 වන ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ පිලිබඳ සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. ආර්ථික නිදහස යනු සෑම පුද්ගලයකුටම තම ශ්‍රමය හා දේපළ පාවිච්චියට ඇති මූලික නිදහසයි. නීතියේ ආධිපත්‍යය,රජයේ ප්‍රමාණය,නියාමන කාර්යක්ෂමතාව සහ විවෘත වෙළඳපොළ යන ප්‍රධාන සාධක අනුව එම නිදහස තීරණය කෙරෙන බව පැවසේ. ආර්ථික නිදහස දර්ශකයෙන් 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිටියේ 75 වැනි ස්ථානයේ බවත් 2016 වර්ෂයේ දී එය 93ක් දක්වා පහළ ගිය බවත් 2022 වර්ෂයේ දී එය 136 ක් දක්වා පහළ ගිය…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරගාවලි අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රි චිත්‍රපට නැරඹීම ඇතුළු ක‍්‍රියාවන්හි යෙදීම තහනම් කර තිබේ. ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හඳුන්වා දී ඇති නව නීති හා මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය හා ක්‍රිකට් විනය වෘත්තීය භාවය රැක ගැනීම වෙනුවෙනි. එහිදී ක්‍රීඩක ඇඳුම් පැළඳුම් ගමන් බිමන් හා සමාජ මාධ්‍ය භාවිතය ගැන දැඩි අවධානය යොමු කර තිබේ. කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ඡායාරූප ගැනීමේදී කමිසය කලිසම හා බ්ලේසරය පැළඳීම අනිවාර්ය කර ඇත.තරග වලදී කාසියේ වාසිය, ජාතික ගීය, සම්මාන පිරිනැමීම සහ මාධ්‍ය සාකච්ඡා වැනි අවස්ථාව…

Read More

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (15) ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය. සියලු පාර්ශව සමඟ එක්ව සාකච්ඡා කර මේ වන විට අවසන් එකඟතාවකට පැමිණ ඇති බව ඔහු පැවසීය.ඒ අනුව අද දිනයේ සංශෝධිත විදුලි ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ. මෙවර ජනතාවට සහනදායි විදුලි ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Read More

සංචාරක ක්ෂේත්‍රය සහ ගුවන් ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ගෝලීය ප්‍රමුඛයා වීමට ඩුබායි නොපසුබට උත්සාහයක් ගන්නා බව උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක ගරු ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා අවධාරණය කළේය. ප්‍රවාහන අංශය, විශේෂයෙන්ම ඩුබායි දියුණු කර ඇති හැකියාවන්, මිනිසුන්ගේ සහ භාණ්ඩවල කාර්යක්ෂම සංචලනය සඳහා පහසුකම් සලසමින්, දුර ඈත රටවලට ප්‍රශස්ත සංක්‍රමණ ස්ථානයක් ලබා දෙන ප්‍රධාන ගෝලීය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස එහි ස්ථාවරය යළිත් තහවුරු කරයි. ඩුබායි යනු ගෝලීය වශයෙන් සංචාරක සහ ගුවන් සේවා අත්දැකීම් වැඩිදියුණු කිරීමේදී අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු වන බව ඔහු පැවසීය. ඩුබායි හි ගුවන් තොටුපළවල යටිතල පහසුකම් සම්බන්ධයෙන් ඉහළම තාක්ෂණික සූදානම සහතික කිරීමට සහ එමිරේට් පුරා සිටින…

Read More

එමීර් රාජ්‍යයේ අශ්වාරෝහක කණ්ඩායම පසුගිය සිකුරාදා සාම්ප්‍රදායික ක්‍රීඩා ඇඳුමෙන් 2024 International Tent Peggin Championship පළමු දිනයේදී ලාන්ස් කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. International Tent Peggin Federation විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ශූරතාවලිය රුසියානු අගනුවර වන මොස්කව්හිදී ජූලි 9 සිට 15 දක්වා පැවැත්වේ. එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ අබ්දුල්ලා මොහොමඩ් අල් ෂම්සි, සයිෆ් මුබාරක් අල් හර්ති, ෆහාඩ් ෂැන්වාන් අල් ෂම්රි, සයිෆ් සයීඩ් අල් ජුනයිබි සහ මොහොමඩ් අබ්දුල්ලා හුසේන් යන යතුරුපැදිකරුවන් පස් දෙනා ය.

Read More

සාජා හි කීර්තිමත් සන්ධිස්ථානයක් සහ ආකර්ෂණීය ගමනාන්තයක් වන අල් නූර් දූපත කීර්තිමත් ‘Best of the best ‘ ශීර්ෂය දිනා ගනිමින් මැදපෙරදිග හොඳම ආකර්ෂණීය ස්ථාන 10 අතරට පැමිණ තිබේ. සාජා ආයෝජන සහ සංවර්ධන අධිකාරිය (Shurooq) විසින් සංවර්ධනය කර කළමනාකරණය කරන ලද ගමනාන්තය, ස්වභාවධර්මය, කලාව සහ විනෝදාස්වාදයේ අද්විතීය සම්මිශ්‍රණයක් ලබා දෙමින් එහි ආරම්භයේ සිටම සාජා හි ප්‍රමුඛතම ආකර්ෂණීය ස්ථාන අතරට ශ්‍රේණිගත කර ඇත. මෙම පිළිගැනීම TripAdvisor හි ලැයිස්තුගත කිරීම් මිලියන 8 න් ඉහළම 1% සඳහා වෙන් කර ඇති ජයග්‍රහණයක් වන Al Noor Island Best Of the Best ‘ ශීර්ෂය දිනාගත් අඛණ්ඩ දෙවන වසර සනිටුහන් කරයි. මීට අමතරව, කලාපයේ වැදගත්ම ස්වභාවික හා පුරාවිද්‍යාත්මක…

Read More

ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100 ණය ආධාරයක් අනුමත කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහාය. ආසියානු සංවර්ධන බැංකුවේ මෙම ණය ආධාර වැඩසටහන හරහා ලැබෙන මූල්‍ය ආධාර මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සහ නියාමන කටයුතු වලට මෙන්ම විදුලි බල ක්ෂේත්‍රයේ තිරසාර මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ද යොදා ගත හැකි බව එම අමාත්‍යංශය පවසයි. මෙම ආධාර වැඩසටහන් මගින් විදුලි බල ක්ෂේත්‍රයේ බිහි වන නව ආයතන බිහිකිරීම හා නියාමනය කිරීමට හැකි වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් දක්වා ඇත.

Read More

අමෙරිකානු හිටපු ජනාධිපති මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ අදාළ ආරක්ෂක නිළධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් සපයා නොමැති බවයි. ට්‍රම්ප් සහභාගී වූ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියක් ඉලක්ක කර එල්ල වු වෙඩි ප්‍රහාරවලින් ට්‍රම්ප්ගේ දකුණු කන ආශ්‍රිතව තුවාල සිදු වී ඇත. වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමගම ට්‍රම්ප් බිම දිගා වූ අතර එම අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාවට සිටි නිළධාරීන් වහාම ඔහුව වේදිකාවෙන් ඉවත් කිරීමට කටයුතු කලහ. ඒ වනවිටත් ට්‍රම්ප්ගේ කන ආශ්‍රිතව…

Read More