Author: kumudika
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ‘කිලිනොච්චිය – ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනේ දෙවැනි දින වැඩසටහනක් වන ‘ස්මාට් යූත් ක්ලබ්’ සභාව සඳහා ඊයේ (13) දිනයේ එක් විය. එහිදී ඔහු පැවසුවේ, “අපේ ඩයස්පෝරාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් ආයෝජනය කරලා ලංකාව දියුණු කරන්න. කිලිනොච්චියේ ව්‍යාපාර බොහොමයක් ඩයස්පෝරාවේ අයගෙ. ඒ ඩයස්පෝරාවට අපි ආරාධනා, ආයාචනා කරනවා මෙහෙට එන්න කියා. මෙහෙ ඉඩම් ප්‍රශ්න දැන් විසඳිලා තියෙන්නේ රටේ වාර්ගික ප්‍රශ්න නැති වෙන විදිහට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරිසරය හදලා තියෙනවා. දැන් අපි රට වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන වෙලාව. ජාති, ආගම්, කුල, පක්ෂ පැත්තකට දාන්න ඕන වෙලාව. අපි රට ගොඩ නගන්න ඕන…
අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් LTL සමූහ ව්‍යාපාරය විසින් මෙම විදුලි බල පද්ධතිය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කළ බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන එමීර් රාජ්‍ය කණ්ඩායම ඊයේ අලුයම මෙරටට පැමිණියහ. ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත තරගාවලියට නම් කළ සංචිතයට අමතරව තවත් ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක් ද මේ සංචාරයට එක්ව සිටිති. ඊෂා ඕසාගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ද සිටීම විශේෂත්වයකි. 21 හැවිරිදි කවීෂා එගොඩගේ වන ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාවකි. ලොව අඩුම වයසකදී ජාත්‍යන්තර අර්ධ ශතකයක් වාර්තා කළ ක්‍රීඩිකාව බවට වාර්තා අතරට එක්ව සිටින ඇය අවුරුදු 15යි දින 264කදී මැලේසියාවට එරෙහිව විස්සයි20 තරගයකදී ලකුණු 57ක් රැස් කරමින් මේ වාර්තාව පිහිට වූවාය. ආසියානු කුසලාන කාන්තා තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28 වැනිදා…
FNC හි ආරක්ෂක, අභ්‍යන්තර හා විදේශ කටයුතු කමිටුවේ සභාපති අලි රෂීඩ් අල් නුයිමි මහතාගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් ජාතික කවුන්සිලයේ (FNC) පාර්ලිමේන්තු අංශයේ නියෝජිත කණ්ඩායම සහභාගී විය. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි 10 වන BRICS පාර්ලිමේන්තු සංසදයේ දෙවන දිනයයි. නියෝජිත පිරිසට FNC හි සාමාජිකයින් වන Sarah Falaknaz, Marwan Obaid Al Muhairi, Ahmed Mir Hashim Khoori සහ FNC හි පාර්ලිමේන්තු සන්නිවේදන නියෝජ්‍ය මහලේකම් Afra Rashid Al Basti ඇතුළත් විය. “බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියේ බිඳවැටීමට මුහුණ දීම සහ ගෝලීය අර්බුදවල ප්‍රතිඵලවලට අදාළ තර්ජන ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය” පිළිබඳ සාකච්ඡාවේදී Marwan Al Muhairi අභියෝගවලට මුහුණ දීම සහ සමුපකාර ගෝලීය පරිසරයක් පෝෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තීරණාත්මක…
අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කරයි. මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේය. ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීමට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බැවින් එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු…
ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් සිය දිවි නසා ගැනීම් වලින් ඉදිරියෙන් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ. අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ, ඊයේ (11) පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි. සුමිත්‍රයෝ ආයතනය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබිණි. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, “රටක් ලෙස, මෙම තත්වයට අප කණගාටු…
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය බව වාර්තා වේ. මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත. ඇය, ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගී වන අතර යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමටද නියමිත බව සඳහන් වේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ. පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරය විවිධ අවස්ථාවලදී පොලිස්පති චක්‍රලේඛ මගින් නිලධාරීන්ට උපදෙස් ලබා ඇති බව සඳහන්ය. මෙම තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කර මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවද පැවසේ.
ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත. ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ. මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පැවසුවාය.
රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක ඊයේ (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා වූ වැඩ පිළිවෙළ යටතේ ඒකාබද්ධ කරන ලද ප්‍රථම ආයතන දෙක වන්නේ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමයි. මෙතෙක් කලක් සභාපතිවරුන් දෙදෙනකු හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් හා කාර්ය මණ්ඩල දෙකක් වශයෙන් පැවති මේ සමාගම් දෙක ඒකාබද්ධ කිරීමෙන් මෙතෙක් කලක් වැය වූ විශාල මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වී තිබේ. එමෙන්ම ලබන සඳුදා (15) සිට State Fertilizer සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහොර වර්ගයකම මෙට්‍රික් ටොන්…