Author: kumudika
ජූලි මස විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දැනුම් දීමක් සිදු කර තිබේ. ඔහු ප්‍රකාශ කලේ, ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බවයි. රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් 708,231කට අදාළ විශ්‍රාම වැටුප් දීමනාව මෙලෙස නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දි තිබේ. ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කරයි. මේ සමග 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය…
ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක දලායි ලාමා සිය 89 වැනි ජන්ම දිනය සැමරූ බව වාර්තා වේ.පසුගිය දා දණහිසේ සැත්කමකට භාජනය වූ දලායි ලාමාට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමින් ලොව පුරා බොහෝ රටවල එම දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටිබෙට් ජනතාව එරට 14 වැනි දලායි ලාමා ලෙස නම් කර ඇති, වසර 1935 ජූලි මස 6 වැනිදා ටිබෙට් දේශයේ උපත ලැබූ දලායි ලාමා මේ වන විට දශක 6කට වැඩි කාලයක් ඉන්දියාවේ පදිංචිව සිටියේය. දලායි ලාමාගේ 89 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා බටහිර බෙංගාලයේ විශේෂ උත්සවයක් පැවැති බවත්, ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූ බවත් ඉන්දීය…
රජය විසින් අනුමත කළ වතු කම්කරු වැටුප් මුදල වන රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරි සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක අද (9) නිරත වූහ. එහිදී වතු කම්කරුවන් එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීමට කළ උත්සහයේදී කම්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය. ඉන් පසුව පොලිස් කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ කැඳවීමට ද පියවර ගෙන ඇත. එම විරෝධතාකරුවෝ ඉන් පසුව කොළඹ 7, පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතා දැක්වූහ. විරෝධතාකරුවන් නිවස ඉදිරිපිට විශාල ප්‍රමාණයේ ඡායාරූප සහ විරෝධතා පුවරු පුලුස්සා දමා පසුව වතු කම්කරුවෝ සාමකාමීව විසිර ගිය බව සඳහන් වේ.
ඩුබායි මහ නගර සභාව 2024 ජූලි 8 සිට අගෝස්තු 2 දක්වා ළමා නගරයේ ගිම්හාන කඳවුරේ සිව්වන වාරය නිල වශයෙන් ආරම්භ කර ඇත. ‘ඩුබායිහි තිරසාර ගිම්හානය අධ්‍යාපනය, ආශ්වාදය සහ ක්‍රියාත්මක කිරීම’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වසරේ කඳවුරේ වයස අවුරුදු 7 සිට 12 දක්වා ළමුන් 90ක් පමණ පිළිගනු ලැබේ. මෙම කඳවුරේ අරමුණ වන්නේ දරුවන්ගේ කුසලතා, දැනුම සහ නිර්මාණශීලිත්වය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික සහ විනෝදාත්මක ක්‍රියාකාරකම්වල යෙදවීමයි. තිරසාර හා විනෝදාත්මක අවකාශයන් සංවර්ධනය කිරීම සඳහා ඩුබායි මහ නගර සභාවේ මෙහෙවර සමඟ පෙලගැසී ඇති ගිම්හාන කඳවුර ක්‍රියාකාරී අධ්‍යාපනික සහ සමාජ පරිසරයක් පෝෂණය කරමින් ඩුබායි සමාජ න්‍යාය පත්‍රයට සහය දක්වයි. දරුවන්ගේ බුද්ධිමය සහ නිර්මාණාත්මක හැකියාවන්…
සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා ලබාදෙන බව සඳහන් කොට ලැබෙන කෙටි පණිවුඩ වෙත පිවිසීමෙන් සමාජ මාධ්‍ය ගිණුම් සහ ජංගම දුරකථන දත්ත වෙනත් පාර්ශව වෙත යොමුවිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ මේනකා පතිරණ මහත්මිය පැවසුවාය. මෙසේ නොමිලේ ඩේටා ලබාදෙන බව පවසමින් කෙටි පණිවුඩ, වට්සැප්, මැසේන්ජර් හරහා මෙන්ම දුරකථනය වෙත ලැබෙන සාමාන්‍ය පණිවුඩයක් ලෙස ද ලැබිය හැකි බව ඇය සඳහන් කළාය. තවද මෙවැනි සබැඳි හා එක්වීමෙන් තම දත්ත වෙනත් පාර්ශ්වයක් මගින් ලබාගෙන ඇති බවට නිරන්තරයෙන් පැමිණිලි වාර්තා වන බැවින් නිරන්තරයෙන් මෙලෙස ලැබෙන සබැඳි හා යොමුවීමෙන් වැළකී සිටින ලෙස අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් දන්වා සිටියි.
සාජා ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුබද්ධ පුරෝගාමී ව්‍යවසායකයින්ට (RUWAD) සහාය වීම සඳහා සාජා මත්ස්‍ය සම්පත් අධිකාරිය සාජා පදනම සමඟ රැස්වීමක් පැවැත්වීය. එය ජාතික ව්‍යාපෘති සඳහා සහාය වීමට තිබෙන මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණු කර ගෙන ඇත. ධීවර අංශය සහ ඔවුන්ගේ නිෂ්පාදන සම්පත් වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානාත්මක දැනුවත් කිරීම් සහ මාධ්‍ය වැඩසටහන් දියත් කිරීම මේ හරහා සිදු වේ. මෙය ධීවර කර්මාන්තයට සහය වීමේ සහ ධීවරයින්ට ආධාර කිරීමේ මෙන්ම ධීවර වෘත්තිය සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජාහි පාලක එච්.එච්. ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි මහතාගේ දැක්ම සහ නියෝගවලට අනුකූල වේ. සාජා මත්ස්‍ය සම්පත්…
2023 දී, එමීර් රාජ්‍යයේ වෙළඳ භාණ්ඩ සහ සේවා වෙළඳාම ඩොලර් ට්‍රිලියන 1.258 (Dh4.61 ට්‍රිලියන) දක්වා ළඟා වූ අතර, ලෝක වෙළඳ සංවිධානයට (WTO) අනුව, සේවා අංශය විසින් බොහෝ දුරට මෙහෙයවනු ලබන පෙර වසරට සමාන මට්ටමක් පවත්වා ගෙන ගියේය. • වෙළඳ භාණ්ඩ අලෙවිය එමීර් රාජ්‍යයේ වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 488 දක්වා 5% කින් පහත වැටුණු අතර, අපනයන අතින් රට ගෝලීය වශයෙන් 14 වන ස්ථානයට පත් විය. අනෙක් අතට, ආනයනය 7% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 449 දක්වා ඉහළ ගොස් එමීර් රාජ්‍යය ලෝකයේ 16 වැනි විශාලතම ආනයනකරු බවට පත් විය. එමීර් රාජ්‍යයේ ගෝලීය වෙළඳ භාණ්ඩ අපනයන සහ ආනයනවල කොටස පිළිවෙලින් 2.1% සහ…
ගිම්හාන උෂ්ණත්වය ආරම්භ වීමත් සමඟ ඩුබායි පොලිසිය වැඩි දියුණු කරන ලද වාහන ආරක්ෂණ පරීක්ෂාවන් හරහා මාර්ග අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාකාරී මුලපිරීමක් දියත් කර ඇත.’අනතුරු රහිත ගිම්හානය’ ව්‍යාපාරය යටතේ, ඩුබායි පොලිසිය අගෝස්තු මස අවසානය දක්වා එමීර් රාජ්‍යය පුරා AutoPro මධ්‍යස්ථානවල නොමිලේ මෝටර් රථ පරීක්ෂාවක් ලබා දෙයි. වායු සමීකරණය, ටයර් පීඩනය සහ එන්ජින් වල යහපැවැත්ම වැනි ප්‍රධාන නඩත්තු අංශ වෙත අවධානය යොමු කරමින් ගිම්හාන මාසවලදී වාහන ආරක්ෂාව සහතික කිරීම මෙහිදී අරමුණු කරයි. නොමිලේ පරීක්ෂාවට ඇතුළත් කර ඇති වාහන සෞඛ්‍ය පරීක්ෂණ 10 මෙසේය. • AC සහ වායු පෙරහන තත්ත්වය• ආසන පටි ක්‍රියාකාරීත්වය• වයිපර් බ්ලේඩ් තත්ත්වය• වින්ඩ්ෂීල්ඩ් වොෂර් තරල මට්ටම• රේඩියේටර් හෝස් අඛණ්ඩතාව•…
දැනට බදු අය නොකරන ක්ෂේත්‍ර 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මහා පරිමාණ උපකාර පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන, ඉංජිනේරු සේවා ස්ථාන සහ මිනින්දේරු සේවා එම අංශ දාහතරට ඇතුළත් වේ. එම අංශවල ලියාපදිංචි වුණු සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයකුට අවස්ථාවක් නොදෙන බවද සඳහන් කළේය. බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොතිබූ බව ඔහු කීවේය. ඉහත ක්ෂේත්‍ර 14 අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්…
දිවයිනේ විදුලි ගාස්තු බිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විදුලි ගාස්තු 30% කින් සංශෝධනය කිරීමට රජය ඉදිරියේදී පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. එළඹෙන ජූලි 18 වැනිදා සිට මෙම නව විදුලි බිල් ගාස්තුව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කලේය. මේ අනුව 0-30ත් අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා රුපියල් 2කින් ද, ඒකක 30-60 දක්වා ඒකකයක් සඳහා මිල රුපියල් 20 -9 අතර ප්‍රමාණයකින්ද ඒකක 60-90 දක්වා රුපියල් 30 සිට 18 දක්වා රුපියල් 12කින් සහ ඒකක 90-180 දක්වා රුපියල් 50-30 දක්වා රුපියල් 20ක මුදලකින්ද විදුලි ගාස්තු අඩු කිරීමට තමා යෝජනා කර…