Author: kumudika
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීම් පදනම මත ශිෂ්‍යයන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීම් පදනම මත වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධිය හැදෑරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 2024 අධ්‍යයන වසරේ සිට සුදුසුකම් සපුරා…
ඉදිරි ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයෙක්ගේ ඇප මුදල රු. මිලියන 2.6 ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු. මිලියන 3.1 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර ඇත. එසේම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂකයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා වන ඇප මුදල රුපියල් 11,000 ක් දක්වාත්, ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප මුදල රුපියල් 16,000 ක් දක්වාත් ඉහළ දමා තිබේ. පළාත් සභා ඡන්ද විමසීමේ පනත අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන…
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (08) හිමිව ඇත. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණි. ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බව එහි දැක්වේ.
තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරා ගත් ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කොට සතිපතා ක්‍රියාත්මක කරන බව රජය පවසයි. මේ වන විට රුපියල ශක්තිමත් වෙමින් තිබුණද ආහාර මිලේ අඩුවක් දක්නට නොමැති හෙයින් මෙම පියවර ගන්නා බව රජය සඳහන් කරයි.තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර නවයකට අදාලව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳ වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.
Fatwa සඳහා වන එමීර් රාජ්‍යයේ කවුන්සිලය Zakath Al Fitr වෙනුවෙන් මුදලින් ලබා දීමට අවසර ලබා දී ඇත. ඒ අනුව එක් පුද්ගලයෙකුට නිර්දේශිත මුදල ඩිරාම් 25 කි. Zakat Al Fitr යනු වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා මූල්‍යමය හැකියාව ඇති සියලුම මුස්ලිම්වරුන් සඳහා පැවරුනු අනිවාර්ය වගකීමකි. තම සහකරු හෝ සහකාරිය, දරුවන් සහ යැපෙන්නන් වෙනුවෙන් මෙම වගකීම ඉටු කිරීම ගෘහ මූලිකයාගේ කාර්යය වේ. Eid Al Fitr පෙර කල ප්‍රකාශයක දී කවුන්සිලය විසින් Zakat Al Fitr අනිවාර්ය බව පැහැදිලි කළේය.එමීර් රාජ්‍යයේ Fatwa කවුන්සිලය ප්‍රකාශ කළේ Zakat Al Fitr මඟින් එක් පුද්ගලයෙකුට සහල් කිලෝග්‍රෑම් 2.5 ක් හිමි වන අතර, එය ද්‍රව්‍ය ලෙස හෝ මුදලින්…
රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (10) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි. සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථාන වල මව්ලවි තුමන්ලා හමු වී මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇත. දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පොලිස් නිළධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු යොදා තිබේ.
2024 අප්‍රේල් 10 වැනි බදාදා ඊද් අල් ෆිතර් උත්සවයේ පළමු දිනය වන බව එමීර් රාජ්‍යයේ සඳ බැලීමේ කමිටුව ඊයේ (08) රැස්වීමෙන් පසුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. අධිකරණ අමාත්‍ය සහ කමිටු සභාපති අබ්දුල්ලා බින් සුල්තාන් බින් අවාද් අල් නුඅයිමි කියා සිටියේ කමිටුවට අඩ සඳ බැලීමේ සහ අසල්වැසි රටවල් සමඟ අවශ්‍ය සම්බන්ධතා ඇති කර ගැනීමේ ෂරියා ක්‍රම අවසන් කිරීමෙන් පසු සඳුදා සවස ෂව්වාල් මාසයේ අඩ සඳ දැකීමට නොහැකි වූ බවයි. එබැවින් අප්‍රේල් 9 වන අඟහරුවාදා, AH 1445 රාමසාන් මාසයේ අවසාන දිනය බවත්, අප්‍රේල් 10 වන බදාදා Eid Al Fitr හි පළමු දිනය බවත් ප්‍රකාශ කලේය. අමාත්‍යවරයා සහ කමිටුවේ සාමාජිකයින් විසින් ජනාධිපති ගරු…
ඉස්ලාමීය කටයුතු සහ පරිත්‍යාග පිළිබඳ සාමාන්‍ය අධිකාරිය විසින් 2024 වර්ෂය සඳහා එමීර් රාජ්‍යයේ ඊද් අල්-ෆිතර් යාඥා වේලාවන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව කාල සටහන මෙසේය. Abu Dhabi – 6. 22Dubai – 6. 20Sharjah – 6.17Ajman – 6.17Ras Al Khaimah – 6.15Fujairah – 6.14Umm Al Quwain – 6.13Al Ain City – 6.15Zayed City – 6.26Khorfakkan City – 6.14
අබුඩාබියේ පාලකයා ලෙස ජනාධිපති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යාන් මහතාගේ නියමය පරිදි අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ අබුඩාබි විධායක කවුන්සිලයේ සභාපති ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතා විසින් මෙම පැකේජය අනුමත කරන ලදී. 2024 දී අබුඩාබි පුරවැසියන්ට පළමු නිවාස සහ ප්‍රතිලාභ පැකේජයේ පළමු බෙදා හැරීම ඩිරාම් බිලියන 2.18 ක් වටිනාකමකින් යුක්ත වේ. මෙම ප්‍රතිලාභ එමිරේට්ස් පුරා සිටින පුරවැසියන් 1,502 ක් අතර බෙදා හැර ඇත. නිවාස ප්‍රතිලාභ පැකේජයට නිවාස ණය, සූදානම් කළ නිවාස සහ නේවාසික ඉඩම් ප්‍රදාන ඇතුළත් වන අතර වටිනාකම ඩිරාම් බිලියන 2.082 කට වඩා වැඩි වේ. එම මුදල පුරවැසියන් 1,407 දෙනෙකුට ආධාර කරනු ඇත.…
ඩුබායි රේගුව ඊද් අල්-ෆිතර් නිවාඩු සහ වසන්ත නිවාඩු කාලය තුළ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා එමීර් රාජ්‍යයට පැමිණෙන සංචාරකයින් ඇතුළු මගී ජනතාව සඳහා සිය ක්‍රියා පටිපාටි විධිමත් කිරීමට සැලසුම් කර ඇත. අප්‍රේල් 2 සිට අප්‍රේල් 15 දක්වා ආසන්න වශයෙන් මිලියන 3.6ක මගී ප්‍රවාහයක් අපේක්ෂා කරන අතර, ඩුබායි රේගුව මගීන්ගේ අත්දැකීම් ඉහළ නැංවීමට සහ පුරෝගාමී සේවා සහ විධිමත් ක්‍රියාවලීන් හරහා ප්‍රමුඛ ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ඩුබායි තත්ත්වය ශක්තිමත් කිරීමට කැපවී සිටී. ඩුබායි රේගුව විසින් පසුගිය වසරේ ගමන් මලු මිලියන 50 කට අධික ප්‍රමාණයක් සාර්ථකව කළමණාකරණය කල අතර , ගුවන් සහ නැව් දෙඅංශයටම ඩුබායි රේගුව විසින් අති නවීන උපකරණ සහ පළපුරුදු පරීක්ෂකවරුන්…