Author: kumudika

මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය සඳහන් කලේය. මෙම මරණය සිදුව ඇත්තේ අභිජනන කටයුත්තක් සදහා රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල සත්ව උද්‍යානයට ගෙන එන අතරතුරදීය. දැනට ලංකාවේ සිටින්නේ ගැහැනු සීබ්‍රා සත්වයින් දෙදෙනෙකු පමණී.අධි මාත්‍රාවෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන් මෙම පිරිමි සීබ්‍රාවා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයින් චෝදනා කරති. ඔවුන් චෝදනා කරන්නේ සත්වෝද්‍යානයට ගෙන ඒමට සූදානම්ව සිටියදි පශු වෛද්‍යවරු එන්නත් ලබා දෙමින් සහ පෙති වර්ග ලබා දෙමින් සිහි නැති කර මෙම සත්ත්වයා රැගෙන ආ බවයි. එමෙන්ම මින් පෙර මෙවැනි ආකාරයටම ජිරාෆ් සතුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුම මරණයට පත් වූ බවත් අද…

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට මෙහිදී තීරණය කර ඇත. ඒ අනුව මැයි මස 21 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වැනි දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වැනි දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්, මැයි 23 වැනි දින සීල භාවනා පින්කම (වෙසක් පොහෝ දින වැඩසටහන), මැයි 24 වැනි…

Read More

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය හම්බන්තොට, ගොන්නෝරුව බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා අදාළ ගිවිසුම අත්සන් කර ඇත. ආයෝජකයන් 17 දෙනෙකුගෙන් සමන්විත එම ව්‍යාපෘතිය මෙගාවොට් 10 බැගින් බලාගාර 13ක්, මෙගාවොට් 5 බැගින් බලාගාර 4කින් සමන්විත බව සඳහන් වේ. මෙගාවොට් 150ක සමස්ථ ධාරිතාවයක් එමගින් නිෂ්පාදනය කිරීමට නියමිතය. විදුලිබල මණ්ඩලයේ සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (SPPA) යටතේ නව ව්‍යාපාර ව්‍යුහයකින් අ‍මෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජකකින් මෙම ව්‍යාපෘතිය සහ එයට අවශ්‍ය සම්ප්‍රේෂණ පහසුකම් හා ජාල පද්ධතිය ද ආයෝජකයන් විසින් සංවර්ධන කරනු ලැබේ. මෙම වසරේ මැයි මස වන විට ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන අතර, 2025 වසරේ දී ජාතික විදුලිබල පද්ධතියට…

Read More

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත. 2024 මාර්තු 15වැනිදා සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ කොළඹ සහ සෝල් (Seoul) අතර ගමන් කරන ගුවන් මගීන්ට ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ. “ශ්‍රී ලංකන් ගුවන් සේවය කොරියානු ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. කොළඹ සහ සෝල් අතර සම්බන්ධතාව ඉහළ නැංවීමට හැකිවීම ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙමඟින් නගර දෙක අතර මගී ගමනාගමනය ගුවන් සමාගමට ලාභදායී ආකාරයෙන් වර්ධනය කර ගැනීමට සහ මගීන්ටශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගැනීමට ද…

Read More

අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමට හැකියාව ඇත.ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු වේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස්…

Read More

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට ඇතුලටගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාරිසරික උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කරන බව කී ජනාධිපතිවරයා එසේ නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් ඒවායේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරන බවද සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කීවෙි ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ. කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින්…

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක රිය ධාවනය අද (14) සිට දින 14ක කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබේ. මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බවයි. ඒ අනුව මීරිගම කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගයේ 56 වෙනි කිලෝමීරටරයේ සිට 57 වෙනි කිලෝමීටරය දක්වා කොටසේ මෙම කටයුත්ත සිදු කරනු ඇත.

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Margham, Lehbab, Al Lesaili සහ Hatta හි අභ්‍යන්තර මාර්ග සහ වීදි ආලෝකකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත. ව්‍යාපෘතියේ වැඩ කටයුතු කිලෝමීටර් 35 ක්: කිලෝමීටර් 18 ක මාර්ග වැඩ, සහ දැනට පවතින වීදිවල තවත් කිලෝමීටර් 17 ක් දිගේ විදුලි පහන් කණු එකතු කිරීම. පදිංචිකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා RTA විසින් Lehbab සහ Al Lesaili යන දෙඅංශයේම අමතර මාර්ග වැඩ ආරම්භ කර ඇත.RTA හි විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අතිගරු Mattar Al Tayer මහතා පැවසුවේ, “අභ්‍යන්තර මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ, අග්‍රාමාත්‍ය උප සභාපති, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතාගේ උපදෙස් පරිදි ය.…

Read More

ඩුබායි Commerce city ඩිජිටල් වාණිජ්‍යය සඳහා පමණක් වෙන් වූ ප්‍රථම සහ ප්‍රමුඛ නිදහස් කලාපය සහ ඩුබායි ඒකාබද්ධ ආර්ථික කලාප අධිකාරිය (DIEZ) සහ Wasl Properties අතර හවුල් ව්‍යාපාරයක්, 2023 තුළ එහි ඩිජිටල් වෙළඳ මෙහෙයුම් සහ සංක්‍රමණ අංශයෙහි පෙර නොවූ විරූ වර්ධනයක් වාර්තා කර ඇත. එහි සංක්‍රමණ වේදිකාව වන DCC වේ හරහා සකසන ලද භාණ්ඩ පරිමාව 2023 දී 56% කින් වැඩි වූ අතර එහි ඩිජිටල් වෙළඳ වේදිකාව හරහා ඉටු වූ ඇණවුම් සංඛ්‍යාව 158% කින් වර්ධනය විය. මීට අමතරව, එහි ඩිජිටල් වෙළඳ වේදිකා මගින් පහසුකම් සපයන බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් භාණ්ඩ නැව්ගත කිරීමේ මෙහෙයුම් 92% කින් වැඩි විය. ඩුබායි කොමර්සිටි හි මෙහෙයුම් පිළිබඳ විධායක උප…

Read More

ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට ඊයේ(13) බාර දුන්නේය. මෙම පනත ඉදිරිපත් කෙරෙන්නේ 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධනය කිරීම සඳහාය.මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ප්‍රකාශ කරන්නේ ජාතික වැදගත් කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ…

Read More