Author: kumudika
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ සඳහා චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.
කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 රුපියල් 150 ත් අතර මුදලකින් අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි. කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000, රුපියල් 1100 අතර මිලක පවතින බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කර ඇත. ඉදිරි දෙසතිය තුළදී මෙම මිල රුපියල් 900ත් රුපියල් 850 ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි බවද පවසා සිටියේය.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත. නමුත් වික්‍රමසිංහ මහතා මේ දක්වා එයට කැමැත්ත පළ කර නැත. හිටපු ජනාධිපතිවරයාගේ නම එම ධුරය සඳහා යෝජනා කර තිබුණේ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත. හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ලෝකයටම ආදර්ශයක් බවත් එම බැංකුව සඳහන් කර තිබේ. මේ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව හිතපු ජනාධිපතිවරයා…
මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (සැප්තැම්බර් 27) ආරම්භ වේ. පොත් ප්‍රදර්ශනය අද සිට ඔක්තෝබර් 06 තෙක්, පුරා දින 10ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පැවැත්වෙනු ඇත. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටයි. ඒ අනුව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මීට ඉහත ප්‍රකාශ කළේ, මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර ඇති බවයි.
සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ටෙස්ට් තරග අටකදී අඛණ්ඩව ලකුණු 50ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වෙමිනි.තවද, මෙම වාර්තාව ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමටද අද දිනයේ ඔහු සමත්විය. සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණි. ඒ කඩුළු 03ක් දැවී තිබියදී ය. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 16 වැනි…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම් වලින් තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (26) පැවැති රැස්වීමේ දී මේ තීරණය ගත් බව මහ බැංකුවේ නව නිවේදනය මගින් පෙන්වා දී ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වේ. ඉදිරි කාර්තු කිහිපය තුළ උද්ධමනය සියයට 5 ක ඉලක්කයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතිනු ඇතැයි මණ්ඩලය නිරීක්ෂණය කර ඇතැයි සඳහන් ය.
පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රමවේදය යළි ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. පසුගිය කාලයේ පටන් මේ වනතුරු විශාල ගැටලුවක්ව පැවති වීසා ලබා ගැනීමේ නව ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, “වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව…
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිට් මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී ඇත. මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති කිරීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය අවශ්‍ය බව හඳුනාගන්නා අතරම ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාවද ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන් වේ. රට තුළ…
එමිරේට්ස් හි සාමාන්‍ය වාර්ෂික මහල් නිවාස සහ විලා කුලිය පිළිවෙලින් Dh66,375 සහ Dh166,261 ක් විය. ඉල්ලුම, සැපයුම අභිබවා යන බැවින් කුලී අබුඩාබි හි දේපල මිලට වඩා වේගයෙන් ඉහළ ගිය බව කර්මාන්ත විධායකයින් පැවසීය. කුෂ්මන් සහ වේක්ෆීල්ඩ් කෝර්ට අනුව, අබුඩාබි හි නගර පුරා නේවාසික කුලී දශකයකට වැඩි කාලයක් තුළ තියුනුම වැඩිවීමක් පෙන්නුම් කර ඇති අතර, ප්‍රධාන අංශයෙන් වසරින් වසර සියයට 15 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. අනෙක් අතට, විකුණුම් මිල ගණන් එමීර් රාජ්‍යයේ අගනුවර වසරින් වසර ස්ථාවර සියයට 9 ක වර්ධනයක් පෙන්නුම් කළේය. Saadiyat Island හි Villas හි සැලකිය යුතු කුලී වැඩිවීමක් වූ අතර එය සියයට 14 ක් විය. Yas Acres හි…
එමීර් රාජ්‍යයේ පවතින මීදුම් සහිත තත්ත්වය දෘශ්‍යතාවට බාධාවක් වන බැවින් ඩුබායි, අබුඩාබි වෙත රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් ඩුබායි, රාස් අල් කයිමා සිට අබුඩාබි දක්වා විශාල ප්‍රදේශ ආවරණය වන අධික මීදුම හේතුවෙන් රතු සහ කහ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඝන මීදුම දෘෂ්‍යතාවය අඩු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, විශේෂයෙන් උදේ පාන්දර ගමන් කිරීම අවදානම් වේ. ප්‍රවේශමෙන් සහ සෙමින් රිය පදවන ලෙසත්, වාහන අතර ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙසත් රියදුරන්ට උපදෙස් දෙනු ලැබේ. අබුඩාබි පොලිසිය සාමාන්‍ය පරිදි ප්‍රධාන මාර්ග කිහිපයක වේග සීමාවන් පහත දමා ඇති අතර ඉලෙක්ට්‍රොනික පුවරු වල දැක්වෙන වේග වෙනස් කිරීම් අනුගමනය…