Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ඩුබායි සහ අබුඩාබිහි Eid උත්සව​ය සඳහා දර්ශණීය ගිනිකෙළි සැමරුම් දහයක්
Entertainment

ඩුබායි සහ අබුඩාබිහි Eid උත්සව​ය සඳහා දර්ශණීය ගිනිකෙළි සැමරුම් දහයක්

Stanly KularathnaBy Stanly KularathnaJune 13, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම වසරේ, Eid Al Adha සමරන්න​ට, ඩුබායි සහ අබුඩාබිහි විවිධ ස්ථානවල දර්ශණීය ගිනිකෙළි සංදර්ශන රැසක් පෙළගස්වා තිබෙනවා. ඔබ​ගේ ආදරණීයයන් සමඟ එකතු වී මෙම සිත් ඇදගන්නාසුළු ස්ථාන ගවේෂණය කර ඔබේ ඊද් අල් අදා සැමරුම් සැබවින්ම අමතක නොවන සිද්ධීන් බවට පත් කරගන්නට  අවස්ථාව උදාවෙනවා.

මෙවර Eid Al Adha සඳහා ගිනිකෙළි සැමරුම් පෙළගැස්​ම

1. Dubai Parks and Resorts, Dubai

ඩුබායි උද්‍යාන සහ නිවාඩු නිකේතන (Dubai Parks and Resorts, Dubai) විනෝදයෙන් පිරුණු පවුලේ දිනයක් සඳහා සවාරි රැසක් පිරිනමයි. මැදපෙරදිග විශාලතම තේමා උද්‍යාන ගමනාන්තය ලෙස එය ඊද් අල් අදා වෙනුවෙන් දර්ශනීය ගිනිකෙළි සැමරුමක් ජුනි 27 සිට ජූලි 1 දක්වා දින පහක් පැවැත්වීමට නියමිතය. සංචාරකයින්​ට සෑම දිනකම අවසානය සනිටුහන් කරන අසාමාන්‍ය ගිනිකෙළි සංදර්ශනයක් අපේක්ෂා කළ හැකිය.

වාර්ෂික ප්‍රවේශපත්‍ර හිමියන්ට විශේෂ දීමනාවක් ලෙස ගිනිකෙළි සංදර්ශන පෞද්ගලික පවුලේ නැරඹුම් ස්ථානයකදී භුක්ති විඳිය හැකිය.

2. Hazza Bin Zayed Stadium, Al Ain

Al Ain හි සුප්‍රසිද්ධ Hazza bin Zayed ක්‍රීඩාංගනය දේශීයයන්​ගේ සහ සංචාරකයින්ගේ සිත් ඇදගන්නා දර්ශනීය ගිනිකෙළි සංග්‍රහයක් පැවැත්වීමට සූදානම්ව සිටී. මෙම ඊද් උත්සවයේදී අල් අයින් හි අහස විස්මිත ආලෝක සංදර්ශනයකින් ජීවමාන වනු ඇත.

3. Jumeirah Beach, Dubai

ඩුබායි හි සිත් ඇදගන්නාසුළු වෙරළ තීරයේ පිහිටා ඇති ජුමෙයිරා වෙරළ ඊද් අල් අදා ගිනිකෙළි සඳහා අලංකාර පසුබිමක් සපයයි. දුරින් පිහිටි සංඛේතාත්මක බර්ජ් අල් ඇරැබ් ගොඩනැගිල්​ල සමඟ, අමතක නොවන ගිනිකෙළි සංදර්ශනයක් සඳහා පරිපූර්ණ පසුබිමක් සපයයි.

4. Bluewaters Island And The Beach, Dubai

මෙම ඩුබායි ගිනිකෙළි සංදර්ශනයේදී Ain Dubai හි වටිනා දසුන් ග්‍රහණය කර ගන්නටත් විවේකීව ඇවිදින්න​ට, ආහා​ර පාන ගනිමින් ගිනිකෙළි ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඇලිසි හෝ The London Project වැනි අවන්හල්වලින් එකකට යා හැකියි. Jumeirah Beach Residence (JBR) දිගේ Eid Al Adha ගිනිකෙළි සඳහා සජීවී ජලාශ්‍රිත පසුබිමක් සපයයි. රාත්‍රී අහස ගිනිකෙළි වලින් ආලෝකමත් වන අයුරු දැකීමෙන් පවුලේ අයට සහ මිතුරන්ට උත්සවවාතාවරණය අත්විඳිය හැක.

5.Dubai Festival City, Dubai

ඩුබායි උත්සව නගරය (Dubai Festival City) එහි අතිවිශිෂ්ට ගිනිකෙළි සංදර්ශන සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ඊද් අල් අදා ද ඊට වෙනස් නොවේ. එහි ජල ආශ්‍රි​ත පිහිටීමත් සමග සිත් ඇදගන්නාසුළු පසුබිමක් සපයන අතර, ගිනිකෙළි නරඹන්නන් සඳහා ඉන්ද්‍රජාලික අත්දැකීමක් නිර්මාණය කරයි. පවුල්වලට මන්තීරුව දිගේ රැස් විය හැකි අතර, විචිත්‍රවත් වාතාවරණයක් භුක්ති විඳිය හැකි අතර, සිත් ඇදගන්නාසුළු වර්ණ සහ ආලෝකයන් දැක ගත හැකිය.

6. Yas Bay, Abu Dhabi

ඇදහිය නොහැකි ගිනිකෙළි සංදර්ශන පෙළකින් රාත්‍රී අහස ආලෝකමත් කරන අබුඩාබි Yas Bay හි Eid Al-Adha සමරන්න. උත්සව වාතාවරණය සමග පුළුල් පරාසයක විනෝදාස්වාදය සඳහා විකල්ප ගනනාවක් ඇත.

7. Abu Dhabi Corniche, Abu Dhabi

ඊද් උත්සව සමයේ අබුඩාබි කෝනිච් හි සිත් ඇදගන්නාසුළු දර්ශනයක් අත්විඳින්​න. මෙම මනරම් ස්ථාන​යේ කිලෝමීටර 8 කට වඩා දිගු කැෆේ සහ ආපනශාලා තෝරාගැනීමක් ලබා දෙන අතර ගිනිකෙළි භුක්ති විඳීමට පරිපූර්ණ වාසිදායක අවස්ථාවක් සපයයි.

8. Al Dhafra, Abu Dhabi

මනස්කාන්ත භූ දර්ශන මධ්‍යයේ දැවැන්ත කඳු වැටි සහ ආකර් ශනීය ඉපැරණි බලකොටු පිහිටා ඇති Al Dhafra හි ඉතිහාසය සහ ස්වභාවික සුන්දරත්වයන් පිළිබඳ පොහොසත් අත්දැකීමක් ලබන්​න. ජූනි 28 වන දින ඊද් සඳහා මෙම සිත් ඇදගන්නාසුළු ස්ථානය වර්ණ සංදර්ශනවලින් ආලෝකමත් කරමින් සැමගේ සිත් වශී කරනු ඇත.

9. Al Hudayriyat Island, Abu Dhabi

මල්වෙඩි සංදර්ශන රැසක් හා ඊද් තේමාවෙන් යුත් උත්සව රාශියක් සමගින් අමතක නොවන ඊද් අල් අදා උත්සවයක් සමරන්න. සංගීතයෙන් පිරුණු සන්ධ්‍යාවක් අත්විඳින්න​ට ඔබේ සංචාරය සැලසුම් කරන්න. මෙහි ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේය.

10. Al Mugheirah Bay, Abu Dhabi

අබුඩාබි සිට Al Mugheirah Bay දක්වා මිනිත්තු 90 කින් වික්‍රමාන්විත ඊද් නිවාඩුවක් ආරම්භ කරන්න. කාන්තාරය හා මුහුද එක්කර​න, Khor Al Bazim කලපුවට ඉහළින් ආලෝකමත් වන අහස ගැන ඔබ පුදුම වනු ඇත. Eid විනෝදාස්වාද කලාපයක්, සංගීතය, විචිත්‍රවත් පෙළපාළි, LED සංදර්ශන සහ ගිනිකෙළි සංදර්ශනයන්ගෙන් ඔබව විශ්මයට පත් වනු ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි ආර්ථිකය එහි පූර්ව වසංගත සීමාව​ට ළඟා වී ඇති බව ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සියක් පවසයි
Next Article ගොඩබිම් ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය සහ ආරක්‍ෂිත විශිෂ්ටත්වය වෙනුවෙන් එමිරේට්ස් ඉහළම සම්මාන 5ක් දිනා ගනී
Stanly Kularathna

Related Posts

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.