Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ
World news

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

kumudikaBy kumudikaJune 12, 2025Updated:June 12, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විද්‍යාඥයින් පිරිසක් විසින් මොන්ගෝලියාවේ කෞතුකාගාරයක ඇති අස්ථි එකතුවක් පරීක්ෂා කරමින් නව ඩයිනෝසෝර විශේෂයක් සොයාගෙන තිබේ. ඔවුන් පවසන්නේ මෙම සොයාගැනීම, ටිරානෝසරයන්ගේ පරිණාමීය ඉතිහාසය නැවත සකස් කිරීමට හේතු වන බවය.

වසර මිලියන 86 කට පෙර ජීවත්වූ ඩයිනෝසෝර ඇටසැකිලි දෙකක් ඇසුරින් මෙම පර්යේෂණය සිදු කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

“ඛාන්කුඋලු මොන්ගෝලියෙන්සිස්” (Khankhuuluu mongoliensis) ලෙස නම් කර ඇති මෙම නව ඩයිනෝසෝර විශේෂය “මොන්ගෝලියාවේ මකර කුමාරයා” නැමැති අන්වර්ථ නාමයෙන් ද හදුන්වයි.

මෙම සොයාගැනීම, Nature විද්‍යා පත්‍රිකාව තුළ ප්‍රකාශයට පත් වී ඇති අතර, ජුරාසික් යුගයේ කුඩා, වේගයෙන් චලනය වූ දඩයම්කරුවන්ගෙන් පසුව, විශාල ටී.රෙක්ස් වැනි විලෝපිකයන් වෙත පරිණාමය වූ ක්‍රියාවලිය පිළිබඳ වටිනා තොරතුරු ලබා දෙයි.

කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ පාෂාණ විද්‍යාඥ මහාචාර්ය ඩාර්ලා සෙලෙනිට්ස්කි පැවසුවේ, “ඛාන්කුඋලු” විශේෂය තරුණ, කුඩා ටිරානෝසෝරස් වර්ගයක් ලෙස සැලකිය හැකි බවයි.

ඛාන්කුඋලුගේ බර කිලෝග්‍රෑම් 750 ක් පමණ විය හැකි අතර, පසුව පරිණාමය වූ ටී.රෙක්ස් වැනි විශේෂ කිලෝග්‍රෑම් 6000 දක්වා බර විය හැකි බව ද ඔහු පැහැදිලි කළේය.
මෙම ඇටසැකිලි සොයාගත්තේ 1970 දශකයේ මොන්ගෝලියාවේදීය.

මෙම සොයාගැනීම, උතුරු ඇමරිකාව සහ ආසියාව අතර ගොඩබිම් පාලම් හරහා සිදුවූ ජීවීන්ගේ ගමනාගමනය, විවිධ ටිරානෝසර කණ්ඩායම්වල විකාශනයට බලපෑ ආකාරයද විවරණය කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආහාර නාස්තිය අවම කිරීම සහ සේවක පෝෂණය සඳහා Dubai Expo city වෙතින් Terrazo ව්‍යාපෘතිය දියත් කරයි
Next Article ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව
kumudika

Related Posts

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.