Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Airport»ගුවන් තොටුපළේ ස්මාර්ට් ගේට්ටු හරහා ගමන් බලපත්‍ර පාලනය කටයුතු තත්පර කිහිපයකින්
Airport

ගුවන් තොටුපළේ ස්මාර්ට් ගේට්ටු හරහා ගමන් බලපත්‍ර පාලනය කටයුතු තත්පර කිහිපයකින්

වසරේ මුල් භාගය තුළ මිලියන නවයක් පමණ පිරිසක් DXB හි ස්මාර් ට් ගේට්ටු භාවිතා කර ඇති බව බලධාරීහු අනාවරණය කළහ
Stanly KularathnaBy Stanly KularathnaJune 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (DXB) ගමන් බලපත්‍ර පාලනය (passport control) හරහා මේ වසරේ මුල් භාගයේදී මගීන් මිලියන 26 කට අධික පිරිසක් ගමන්කොට ඇත. ඔවුන්ගෙන් 36% ක් එනම් මිලියන 9 කට වැඩි පිරිසක් තත්පර කිහිපයකින් එම ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීමට ස්මාර්ට් ගේට්ටු භාවිතා කර ඇති බව සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වෙබ් අඩවියට අනුව, ලියාපදිංචි වී ඇති මගීන්ට “ලේඛනයක් scan කිරීමකින් තොර​ව, සරලව හරිත (කො​ළ) එළිය දෙස බැලීමෙන්” ගමන් බලපත්‍ර පාලන කටයුතු අවසන් කල හැකි ක්‍රම​වේදයක් මගින් සම්බන්ධතා රහිත ක්‍රියාවලියක් එලිදක්වයි.

හරිත ආලෝකය කැමරාවට ඉහළින් දක්නට ලැබෙන අත​ර මගීන් මුහුණු ආවරණ, ඇස්කන්ණාඩි සහ තොප්පි ඇතුළුව ඔවුන්ගේ මුහුණු ආවරණය කරන ඕනෑම දෙයක් ඉවත් කොට ඒ දෙස බැලිය යුතු​ය.

“ඔබේ විදේශ ගමන් බලපත්‍රය සහ බෝඩිං බලපත්‍රය අවශ්‍ය නම් ඒවා සූදානම්ව තබා ගන්න. ඔබට ස්මාර්ට් ගේට් එක හරහා යාමට නොහැකි වූ විට, ඔබට එය පිටුපස ඇති ආගමන කවුන්ටරය වෙත ආපසු යා හැකිය, ” GDRFA වෙබ් අඩවිය සඳහන් කළේය.

GDRFA අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් මොහොමඩ් අහමඩ් අල්මාරි පැවසුවේ DXB හි විදේශ ගමන් බලපත්‍ර කවුන්ටර සහ ස්මාර්ට් ගේට්ටු, විශේෂයෙන් Eid Al Adha සහ ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරකයින්ගේ අපේක්ෂිත වැඩිවීම අනුව විශාල මගීන් ප්‍රමාණයක් ලබා ගැනීමට සම්පූර්ණයෙන්ම සූදානම්ව ඇති බවයි. GDRFA ට අනුව DXB හි ස්මාර්ට් ගේට්ටු 120ක් ඇත.

ගුවන් තොටුපළ විදේශ ගමන් බලපත්‍ර කටයුතු අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් තලාල් අල්-ෂන්කීටි පැවසුවේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා විශාලතම සංචාරකයින් සංඛ්‍යාවක් විසින් එය භාවිතා කරණු ඇතැයි අරමුණින් ස්මාර්ට් ගේට් වල සේවාව සංවර්ධනය කිරීමට GDRAF අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.

“වස​රේ පළමු භාගය තුළ ස්මාර්ට් ගේට්ටු භාවිතා කරන්නන් මුළු මගීන් සංඛ්‍යාවෙන් 36% ක් වූ අතර වසර අවසානයේදී පරිශීලකයින් සංඛ්‍යාව 50% දක්වා ළඟා වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊද් අල් අදා නිවාඩු සම​යේ නගරය පිරිසිදුව තබා ගැනීමට 3,000 කට අධික කම්කරුවන්, කාර්ය මණ්ඩලයක්
Next Article 2022 දී UAEහි දළ දේශීය නිෂ්පාදිතය 7.9% කින් වර්ධනය වේ
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.