Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ
Sri Lankan news

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

kumudikaBy kumudikaMay 19, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවුල් කුටුම්භයන්ගෙන් 22%ක් ණය අර්බුදයට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මෑතකාලීන නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව පෙන්වා දෙන්නේ වර්තමානය වන විට සමස්ථ කුටුම්භයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, එනම් 54.9% ක් පමණ, මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බවයි.

මෙයින් අදහස් වන්නේ දිවයිනේ කුටුම්භයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ ආකාරයෙන් ණයගැතිභාවයට පත්ව ඇති අතර ඔවුන් ඒවා කළමනාකරණය කිරීමට හෝ ගෙවීමට උත්සාහ කරන බවයි.

මොවුන්ගේ මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව ඇති ණයවීම් වන අතර දෙවනුවට විධිමත් ආකාරයට බැංකු හරහා ණය ලබා ගැනීම් 21.9%කි.

මීට අමතරව පොලියට මුදල් ලබාදෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ලබා ගන්නා ණය ගැනීම් පිළිවෙලින් 9.7% ක් සහ 8.7% ක් වාර්තා වන අතර, එමඟින් රටේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අවිධිමත් ණය ප්‍රභවයන් බහුලව පවතින බව ද පෙන්නුම් කෙරේ.

එසේම සමෘද්ධි බැංකු හරහා ලබා ගන්නා ණය 7.1%ක්, සිය රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ණය 5.2%ක් සහ ක්‍රෙඩිට් කාඩ් හරහා ලබා ගන්නා ණය 1.8%ක් ලෙස කුඩා පරිමාණයෙන් ජනතාවගේ ණයගැතිභාවයට හේතු වී ඇත.

මෙමගින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණයගැතිභාවයේ සංකීර්ණ ස්වභාවයයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි
kumudika

Related Posts

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.