Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dewa»ඩුබායිහි විදුලි වාහන සඳහා පොදු ආරෝපණ මධ්‍යස්ථාන (charging stations) 170% කින් වැඩි කෙරේ
Dewa

ඩුබායිහි විදුලි වාහන සඳහා පොදු ආරෝපණ මධ්‍යස්ථාන (charging stations) 170% කින් වැඩි කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 10, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය වැනි අංශවල සුවිශේෂී ශ්‍රේණිගත කිරීම් සමඟින් ‘වාහන පැදවීමට ලෝකයේ හොඳම නගරවලින් එකක්’ ලෙස අඛණ්ඩව ශ්‍රේණිගත කර ඇත. දැන්, ඩුබායි නගරය එහි විද්‍යුත් වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් පුළුල් කිරීමේ අභිලාෂකාමී සැලැස්මක් සමඟින් එහි ලොව ප්‍රමුඛතම රියදුරු අත්දැකීමට පරිසර හිතකාමී මානයක් එක් කිරීමට සූදානම් වේ.

එමිරේට්ස් හි පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය මෙහෙයවන ඩුබායි විදුලි හා ජල අධිකාරිය (DEWA) වසර තුනකට අඩු කාලයකදී නගරයේ පොදු ආරෝපණ මධ්‍යස්ථාන (charging stations) ජාලය 170% කින් වර්ධනය කිරීම අරමුණු කරයි. 2025 වන විට, ඩුබායි හි විද්‍යුත් වාහන (EV) ආරෝපණ මධ්‍යස්ථාන දැනට පවතින 370 ට, නව ස්ථාන 680 කට වඩා එක්කරමින්, හරිත ආරෝපණ ස්ථාන 1,000 දක්වා වැඩි වනු ඇත.

ඩුබායි හි විදුලි සංචලතා සැලසුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ දැක්ම ක්‍රියාවට නැංවීමේ උපාය මාර්ගයේ ප්‍රධාන කුළුණක් නියෝජනය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි Clean Energy Strategy 2050 සහ Net Zero Carbon Emissions Strategy 2050 මගින් 2050 වන විට එහි බලයෙන් 100%ක් පිරිසිදු බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට උත්සාහ කරයි. තවද, ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන පොදු ප්‍රවාහනයකට සංක්‍රමණය වීම​ට  දිගුකාලීන උපාය මාර්ගයක් කරා ගමන් කර ඇත.

ඩුබායි හි හරිත සංචලනය වෙත ගෙනයාමට 2015 දී Dewa හඳුන්වාදුන් එහි Green Mobility Strategy 2030 හි කොටසක් ලෙස EV Green Charger Initiative දියත් කිරීමත් සමග මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති විද්‍යුත් වාහන හිමිකරුවන් සංඛ්‍යාව 2015 දී 14 සිට 2023 මැයි මස අවසානය වන විට 11,000 දක්වා වැඩි වී ඇත. නුදුරු අනාගතයේ දී මෙම අගය දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2030 වන විට ඩුබායි සිය මාර්ගවල විදුලි මෝටර් රථ 42,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති කිරීමට අපේක්ෂා කරයි.

Dewa හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සයීඩ් මොහොමඩ් අල් තයර් පැවසුවේ, “අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම්ගේ තිරසාර සංවර්ධනය සඳහා වූ පුළුල් දැක්මට අනුකූලව හරිත සංචලන​ය ප්‍රවාහනයේ අනාගතය බව ඩුබායි පිළිගනී. අනෙකුත් ඩුබායි ආයතන සහ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ එක්ව, Dewa විසින් ඩුබායි හි නාගරික ප්‍රවාහනයේ අනාගතය නැවත සිතා බලන උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ඇත. මෙම පුළුල් රාමුවේ කොටසක් ලෙස, පරිසර හිතකාමී ප්‍රවාහනය දියුණු කිරීම සඳහා ප්‍රවේශ විය හැකි ලෝක මට්ටමේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමට Dewa කටයුතු කරයි. විද්‍යුත් වාහන භාවිතය දිරිමත් කිරීම මගින් Dewa’s EV Green Charger Initiative කාබන් විමෝචනය අඩු කිරීමට පමණක් නොව ඩුබායි පුරා තිරසාර භාවිතයන් පෝෂණය කරයි.

ඩුබායි හි හරිත සංචලනය දැක්මට සහාය වන විදුලි වාහන අලෙවියද වර්ධනය වේ. පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද Global Electric Mobility Readiness Index අනුව, UAE හි විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම 2022 සහ 2028 අතර 30% ක සංයුක්ත වාර්ෂික අනුපාතයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. වාර්තා දර්ශකය මගින් විදුලි සංචලතා සූදානම අනුව ගෝලීය වශයෙන් UAE අටවන ස්ථානයට පත් කරන ලදී. මේ අතර, ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයට (IEA) අනුව, ලොව පුරා විදුලි මෝටර් රථ අලෙවිය 2023 දී 35% කින් මිලියන 14 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර සමස්ත මෝටර් රථ වෙළඳපොලේ කොටස මේ වසරේ 18% දක්වා ඉහළ යනු ඇත.

විද්‍යුත් වාහන ආරෝපණ යටිතල පහසුකම් සඳහා වැඩෙන ඉල්ලුම සපුරාලීම සඳහා, Dewa දැනට ඩුබායි පුරා ආරෝපණ මධ්‍යස්ථාන 370 කට අධික ප්‍රමාණයක් භාවිතයට එක්කො​ට ඇත. මධ්‍යස්ථාන විසින් අතිශය වේගවත් චාජර් (ultra-fast chargers), වේගවත් චා​ජර් (fast chargers), සෘජු ධාරා චාජර්(direct current chargers), පොදු වාහන නැවැත්වීමේ චාජර් සහ බිත්ති චාජර් ඇතුළු ආරෝපණ විකල්ප රාශියක් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ විවෘත වේලාවන්හිදී ක්‍රියාත්මක වන දේවාහි පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන සහ සාප්පු සවාරි මධ්‍යස්ථානවලට අමතරව ඉන්ධන පිරවුම්හල් සහ පොදු උද්‍යාන වැනි ප්‍රධාන ස්ථානවල මෙම ස්ථාන පැය විසිහතර පුරාම ක්‍රියාත්මකව පවතී.

Dewa හි විද්‍යුත් වාහන Green Chargers 2015 සිට 2022 අවසානය දක්වා 13,264 MWh විදුලිය ලබා දී ඇති අතර, සමුච්චිත විදුළි වාහන දුර කිලෝමීටර මිලියන 66.3 කට වැඩි දුරක් බල ගන්වා ඇත. 2022 අවසන් වන විට, ලියාපදිංචි විදුළි වාහන 9,653ක් විසින් පවත්වන ලද ආරෝපණ වා​ර 720,000කට අධික ප්‍රමාණයක් මධ්‍යස්ථාන විසින් වාර්තා කර ඇත. ඩුබායි හි පොදු ආරෝපණ යටිතල පහසුකම් නංවාලීමට Dewa දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2023 අප්‍රේල් වන විට කාබන් විමෝචනය ටොන් 236,700ක් අඩු වී ඇති අතර එය එහි පිරිසිදු බලශක්ති උපාය මාර්ගයේ වැඩෙන සාර්ථකත්වයට සාක්ෂියකි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් 47.4% ක් එමරාති ජාතිකයන්
Next Article අජ්මාන්හි ගමන් කාලය 50% කින් අඩු කිරීමට නව මංතීරු 5​ක වීදියක්
Stanly Kularathna

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.