Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මුඛ ආවරණ වල මිල වේගයෙන් ඉහලට – පාලන මිලක් අවශ්‍යයි

June 10, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහල යනු ඇතැයි 76% ක ඉහල විශ්වාසයක් – LMD සඟරාව කියයි

June 10, 2025

ඩුබායි Quranic Park හි නොමිලේ වාහන නැවැත්වීම සමඟ ආකර්ෂණීය නැරඹුම් අවස්ථා

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩුබායිහි, ඉස්ලාමීය අලුත් අවුරුද්ද සඳහා පොදු ප්‍රවාහන සේවා වේලාවන් නිවේදනය කරයි : පොදු වාහන නැවැත්වීම නොමිලේ
Events

ඩුබායිහි, ඉස්ලාමීය අලුත් අවුරුද්ද සඳහා පොදු ප්‍රවාහන සේවා වේලාවන් නිවේදනය කරයි : පොදු වාහන නැවැත්වීම නොමිලේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 20, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉස්ලාමීය අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ජූලි 21 සිකුරාදා ඩුබායිහි පොදු වාහන නැවැත්වීම නොමිලේ බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කරයි. බහු මට්ටමේ පර්යන්ත හැර ගෙවන කලාපවල වාහන නැවැත්වීමේ ගාස්තු අදාළ නොවේ. 1445 වෙනි හිජිරි අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා UAE හි රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයින්ට දින 3ක සති අන්තයක් ලැබේ.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සිය සේවා කාලයෙහි වෙනස්කම් ද නිවේදනය කළේය. සේවා කාලයේ වෙනස්කම් පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන, ගෙවන වාහන නැවැත්වීමේ කලාප, පොදු බස් රථ, මෙට්‍රෝ, ට්‍රෑම් රථ, සමුද්‍ර ප්‍රවාහනය සහ වාහනවල තාක්ෂණික පරීක්ෂණ සේවා සපයන ස්ථානයන් ආවරණය කරයි.

වාහනවල තාක්ෂණික පරීක්ෂණ සේවා ස්ථාන

වාහනවල තාක්ෂණික පරීක්ෂණ සේවා ස්ථානයන් ජූලි 21 සිකුරාදා වසා ඇති අත​ර ජූලි 22 සෙනසුරාදා නැවත රාජකාරි ආරම්භ කෙරේ.

පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන

Umm Ramool, Al Kafaf, Deira, Al Barsha සහ RTA ප්‍රධාන කාර්යාලයේ ස්මාර්ට් පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන සුපුරුදු පරිදි 24 පැ​ය සේවය දිගටම කරගෙන යනු ඇති අත​ර අනෙකුත් සියලුම පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන ජූලි 21 සිකුරාදා වසා දැමෙනු ඇත.

මෙට්‍රෝ

ඩුබායි මෙට්‍රෝ සේවා​වේ රතු සහ කොළ මාර්ග දෙක​ම උදෑසන 05:00 සිට පසු දිනයේ උදෑසන 01:00 දක්වා ක්‍රියාත්මක වේ. ඩුබායි ට්‍රෑම් රථ පෙරවරු 06:00 සිට පසු දිනයේ උදෑසන 01:00 දක්වා ක්‍රියාත්මක වේ.

බස්රථ

ජූලි 21 සිකුරාදා ඩුබායි තුළ පොදු බස්රථවල වේලාවන් උදේ 05:00 සිට රාත්‍රී 12:30 දක්වා වේ. සියලුම මෙට්‍රෝ සම්බන්ධක බස් සේවා මෙට්‍රෝ කාලසටහන් අනුව ක්‍රියාත්මක වේ.

ක්‍රියාත්මක වන නගරාන්තර බස් මාර්ග වන්නේ:

  • (E16) අල් සබ්කා සිට හත්තා දක්වා
  • (E100) අල් ගුබෙයිබා සිට අබුඩාබි දක්වා
  • (E101) ඉබන් බතූතා සිට අබුඩාබි දක්වා
  • (E102) අල් ජැෆිලියා සිට අල් මුසාෆා දක්වා
  • (E201) අල් ගුබෙයිබා සිට අල් ඒන් දක්වා
  • (E303) යුනියන් ස්ටේෂන් සිට සාජාහි අල් ජුබෙයිල් දක්වා
  • (E306) අල් ගුබෙයිබා සිට සාජා හි අල් ජුබෙයිල් දක්වා
  • (E307) ඩේරා සිටි සෙන්ටර් සිට සාජාහි අල් ජුබෙයිල් දක්වා
  • (E307A) අබු හේල් සිට සාජාහි අල් ජුබයිල් දක්වා,
  • (E315) එටිසලාට් දුම්රිය ස්ථානයේ සිට සාජාහි මුවයිලේ දක්වා,
  • (E400) යුනියන් ස්ටේෂන් සිට අජ්මාන් දක්වා,
  • (E411) එටිසලාට් දුම්රිය ස්ථානයේ සිට අජ්මාන් දක්වා සහ
  • (E700) යුනියන් ස්ටේෂන් සිට ෆුජයිරා දක්වා.

සමුද්‍ර ප්‍රවාහන​ය

ජල බස්රථ:

  • Dubai Marina (BM1)-Marina Walk මධ්‍යම රාත්‍රි 12:00 සිට පසුදිනයේ පෙ.ව. 12:11 දක්වා,
  • Marina Promenade – Marina Mall සවස 04:11 සිට රාත්‍රි 11:17 දක්වා
  • Marina Terrace – Marina Walk සවස 04:08 සිට රාත්‍රි 11:16 දක්වා ස​හ
  • සම්පූර්ණ මාර්ගය සවස 04:08 සිට රාත්‍රී 10:56 දක්වා.

ජල ටැක්සි

Marina Mall – Bluewaters (BM3) සවස 04:00 සිට රාත්‍රී 11:40 දක්වා සහ ඉල්ලුම මත සවස 03:00 සිට රාත්‍රී 11:00 දක්වා. (පාරිභෝගිකයින් කලින් වෙන් කරවා ගත යුතුය.)

අබ්රා

  • Dubai Old Souq – Baniyas (CR3) පෙ.ව. 10:00 සිට ප.ව.11:20 දක්වා,
  • Al Fahidi – Sabkha (CR4) පෙ.ව.10:00 සිට ප.ව.11:25 දක්වා,
  • Al Fahidi – Deira Old Souq (CR5): පෙ.ව. 10:00 ප.ව.11:25 දක්වා,
  • Baniyas – Al Seef (CR6): පෙ.ව.10:00 සිට ප.ව.11:57 දක්වා,
  • Dubai Festival City – Dubai Creek Harbour (CR9): ​ප.ව.04:00 සි​ට ප.ව.11:20 දක්වා,
  • Al Jaddaf – Dubai Festival City (BM2): පෙ.ව.08:00 සි​ට ප.ව.11:30 දක්වා,
  • Al Marfa Souq – Dubai Old Souq (CR12) ​ප.ව. 04:20 සි​ට ප.ව.10:50 දක්වා,
  • Al Marfa Souq – Deira Old Souq (CR13) ​ප.ව. 04:05 සිට ප.ව. 10:35 දක්වා ස​හ
  • Sheikh Zayed Road Marine Transport Station (TR6) හි වට සංචාර සේවාව සවස 04:00 සිට රාත්‍රී 10:15 දක්වා.

ඩුබායි තොටුපළ

  • Al Ghubaiba – Dubai Water Canal (FR1) ​ප.ව. 01:00 සිට ප.ව. 06:00 දක්වා,
  • Dubai Water Canal – Al Ghubaiba (FR1) ​ප.ව. 02:20 සිට ප.ව. 07:20 දක්වා,
  • Dubai Water Canal – Bluewaters (FR2) ප.ව. 01:50 ස​හ ප.ව. 06:50,
  • Bluewaters – Marina Mall (FR2) ප.ව. 02:50 සිට ප.ව. 07:50 දක්වා,
  • Marina Mall – Bluewaters (FR2) ප.ව. 01:00 සිට ප.ව. 06:00 දක්වා,
  • Bluewaters – Dubai Water Canal (FR2) ප.ව. 01:15 සිට ප.ව. 06:15 දක්වා ස​හ
  • Marina Mall (FR4) සිට වට සංචාර සේවාව ​පෙ.ව. 11:30 සහ ප.ව. 04:30 ට සහ
  • Al Marfa Souq – Al Ghubaiba (CR10) ප.ව. 06:15 සි​ට ප.ව. 09:45 දක්වා.
Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු කුසලාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ
Next Article එමරාතීකරණ නීති උල්ලංඝනය ක​ළ පුද්ගලික සමාගම් 441ක් : ඩිරාම් 500,000 දක්වා දඩ
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහල යනු ඇතැයි 76% ක ඉහල විශ්වාසයක් – LMD සඟරාව කියයි

June 10, 2025

ඩුබායි Quranic Park හි නොමිලේ වාහන නැවැත්වීම සමඟ ආකර්ෂණීය නැරඹුම් අවස්ථා

June 10, 2025

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.