Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මුඛ ආවරණ වල මිල වේගයෙන් ඉහලට – පාලන මිලක් අවශ්‍යයි

June 10, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහල යනු ඇතැයි 76% ක ඉහල විශ්වාසයක් – LMD සඟරාව කියයි

June 10, 2025

ඩුබායි Quranic Park හි නොමිලේ වාහන නැවැත්වීම සමඟ ආකර්ෂණීය නැරඹුම් අවස්ථා

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ගෝල් ටයිටන්ස්ට ලකුණු 83 ක දැවැන්ත ජයක්
Events

ගෝල් ටයිටන්ස්ට ලකුණු 83 ක දැවැන්ත ජයක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 2, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පස්වැනි තරගය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයෙන් ලකුණු 83 ක දැවැන්ත ජයක් වාර්තා කිරී​මට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි කණ්ඩායමට පන්ඳු ඕවර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 97 ක් පමණි.

දිනේෂ් චන්දිමාල් ලකුණු ලබාගැනීමටත් පෙරාතුව පිටියෙන් ඉවත් කළ කසුන් රාජිත, ඉන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ටද (3) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් ලබා නොදුන්නේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2 කටද, නායක වනිඳු හසරංග ලකුණු 9 කටද දවාගත් රිචඩ් නගරාවා කැන්ඩි කණ්ඩායමේ මුල් පෙළ සුනුවිසුණ කර දැමීම සඳහා රාජිතට අනගි සහායක් දුන්නේය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සකීබ් අල් හසන් සහ තබ්‍රේස් ශම්හි කඩුලු 2 බැගින් දවාගනිමින් කැන්ඩි ඉනිමේ මැද පෙළ සහ පසුපෙළ බිඳ දැමූ අතර ගෝල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කැන්ඩි පිකිකරුවෝ 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී ගියහ. කැන්ඩි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අෂේන් බණ්ඩාර පන්දු 19 කදී ලකුණු 27ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 180ක් ලබාගත්තේය. කැන්ඩි පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ටිම් සෙයිෆට් පන්දු 39 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 74 ක් රැස්කරමින් ගෝල් කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය.

එහිදී පන්දු 24 කින් ඔහු ලබාගත් අර්ධ ශතකය මෙවර තරගාවලියේදී මෙතෙක් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය. සකීබ් අල් හසන් (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 93 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සෙයිෆට් සමත් විය. තනුක දාබරේගේ දක්ෂ පන්දු රැකීම හමුවේ සකීබ් දුවද්දී දැවීයෑමකට හසුවීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

මුල් ඕවර 10 අවසානයේ ලකුණු 63 ක කඩුලු 3 ක් බිඳවැටීමෙන් ගෝල් කණ්ඩායම මහත් අසීරු තත්වයකට පත්විය. එහෙත් 11 වැනි ඕවරයේ සිට 15 වැනි ඕවරය දක්වා ඕවර 5 තුළ ගොල් ඉනිමට තවත් ලකුණු 63 ක් එක් කළ සෙයිෆට් සහ සකීබ් සිය කණ්ඩායම ප්‍රභල තත්වයක් කරා ඔසවා තැබූහ. පන්දු 21 කට මුහුණදුන් සිටි සකීබ් හයේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය.

වේගය අඩාල කරමින් මොහොමඩ් හස්නේන් යැවූ පන්දුවක් සෙයිෆට්ගේ පිත්තේ ඉහළ කෙළවරේ වැදී ඉහළ ගිය අතර මිඩ් විකට් කලාපයේ සිට උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට වනිඳු හසරංග සමත් වීමත් සමග සෙයිටේගේ ඉනිම නිමාවට පත් විය. එලෙස සකීබ්ගේ සහ සෙයිෆට්ගේ කඩුලු බිඳ වැටුණද ඉනිමේ අවසන් ඕවර 5 තුළ කැන්ඩි පන්දු යවන්නන්ගෙන් ලකුණු 54 ක් උදුරාගැනීමට ගෝල් පිතිකරුවෝ සමත් වූහ.

ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගද, බී-ලව් කැන්ඩි කණ්ඩායම එක් වෙනස්කමක් සමගද මෙම තරගයට ක්‍රීඩා කළ අතර සීක්කුගේ ප්‍රසන්න සහ විශ්ව ප්‍රනාන්දු වෙනුවට අකිල ධනංජය සහ රිචඩ් නගාරාවා ගෝල් කණ්ඩායමටද, සර් ෆරාස් අහමඩ් වෙනුවට අසීෆ් අලී කැන්ඩි කණ්ඩායමටද ඇතුළත්ව සිටියහ. මෙම තරගයේදී බී-ලව් කැන්ඩි කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පැවරී තිබිණ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදඹුල්ල අවුරා කණ්ඩායම​ට කඩුළු 8 ක ජයක්
Next Article ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යන 15 දෙනෙකු​ට ගුවන් ටිකට්පත්
Stanly Kularathna

Related Posts

මුඛ ආවරණ වල මිල වේගයෙන් ඉහලට – පාලන මිලක් අවශ්‍යයි

June 10, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහල යනු ඇතැයි 76% ක ඉහල විශ්වාසයක් – LMD සඟරාව කියයි

June 10, 2025

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.