එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින් සඳහා මධ්‍යහ්න විවේක නීතිය කඩ කළ ආයතන 59ක් පමණ මේ වන විට හසු වී ඇති බව මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශ නිලධාරීන් හෙලි කළේය. ඔවුන් පැවසුවේ, “අපි ජුනි 15 සිට අගෝස්තු 17 දක්වා ආයතන වෙත පරීක්ෂණ චාරිකා 67,000 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම මාර්ගෝපදේශ සංචාර 28,000 කට අධික ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. මෙම චාරිකා වලින් පසුව, ආයතන විසින් උල්ලංඝනය කිරීම් 59ක් පමණක් අප විසින් අනාවරණය කර ගෙන ඇති අතර, ඔවුන්ගේ ආයතන විසින් මෙම කඩ කිරීම්වලට සම්බන්ධ වූ මුළු සේවක සංඛ්‍යාව 130කි.”
මධ්‍යහ්න විවේකය ජුනි 15 සිට සැප්තැම්බර් 15 දක්වා මධ්‍යහ්න 12:30 සිට සවස 3 දක්වා සෘජු හිරු එළිය යටතේ වැඩ කිරීම තහනම් කරයි.
නොකඩවා 19 වැනි වසරටත් මධ්‍යහ්න විවේකය ක්‍රියාත්මක වන අතර සේවකයන්ගේ විවේක කාලය තුළ කුඩ, විදුලි පංකා වැනි සිසිලන උපකරණ, සිසිල් පානීය ජලයට අමතරව අනුමත සජලනය කළ ලවණ සහ අවශ්‍ය සුදුසු පහසුකම් සැපයීම සේවා යෝජකයා විසින් කලයුතුය.
MoHRE එහි ඇමතුම් මධ්‍යස්ථානය 600590000 ට ඇමතීමෙන් හෝ MoHRE යෙදුම සහ වෙබ් අඩවිය හරහා කිසියම් උල්ලංඝනයක් වාර්තා කරන ලෙස ප්‍රජාවේ සාමාජිකයින්ට සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.
මධ්‍යහන විවේකයේ වැඩ කරන වේලාවන් සහ ක්‍රියා පටිපාටි සඳහා “බොහෝ ආයතනවල ගැඹුරු කැපවීම” MoHRE පැසසුමට ලක් කළේය. දහවල් විවේකය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ ෆෙඩරල් සහ ප්‍රාදේශීය මට්ටමින් අදාළ සියළුම හවුල්කරුවන්ගේ සහයෝගයෙනි”
අමාත්‍යාංශයේ පරීක්ෂණ කටයුතු පිළිබඳ සහකාර උප ලේකම් මොහ්සෙන් අල් නාසි පැවසුවේ, “දිවා විවේකය යනු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ වෘත්තීය හා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සියලු කොන්දේසි සහ සංරචක සැපයීම සඳහා MoHRE විසින් ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ග මාලාවක කොටසකි.”
ඔහු තවදුරටත් මෙසේ පැවසීය “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම වෙළඳපොලේ තරඟකාරිත්වය සහ නම්‍යශීලී බව වැඩි දියුණු කරන හොඳම මානුෂීය සහ සමාජ ප්රමිතීන් සැපයීම අරමුණු කරගත් තීරණ සහ රෙගුලාසිවලට ආයතන අනුකූල වන බව සහතික කිරීමට මෙම පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් අපගේ කැපවීමේ කොටසකි.”
“මෙම තීරණයන් සමඟ ඉහළ අනුකූලතා අනුපාත මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම වෙළඳපොලේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වයන් සැපයීම මගින් ඔවුන්ගේ මානව සම්පත් ආරක්ෂා කිරීම මත පදනම් වූ හොඳින් ස්ථාපිත සංස්කෘතියක් පිළිබිඹු කරයි.”