Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායිහි සුනඛයින් සඳහා නව පුද්ගලික ජෙට් සේවාවක්
Uncategorized

ඩුබායිහි සුනඛයින් සඳහා නව පුද්ගලික ජෙට් සේවාවක්

Stanly KularathnaBy Stanly KularathnaSeptember 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

K9 JETS විසින් ඩුබායිහි සුනඛයින් සඳහා නව පුද්ගලික ජෙට් සේවාවක් ආරම්භ කර ඇත. පුද්ගලික සුරතල් සත්​ව කුලී සමාගම ඩුබායි සිට ලන්ඩන් දක්වා සුනඛයන් සඳහා සිය මංගල පුද්ගලික ගුවන් ගමන ආරම්භ කරන බව නිවේදනය කළ අතර එය මෙම මාසය අවසානයේ පිටත් වීමට නියමිතය.

සුනඛයන් සහ සුනඛ හිමිකරුවන් සඳහා වන පළමු ගුවන් ගමන 2023 සැප්තැම්බර් 26 වැනි දින ගුවන් ගත වීමට සූදානම් වේ. ටිකට් පතක් ඩොලර් 9,925 ක් පමණ වන අතර​ එමඟින් සුරතලාට සහ හිමිකරුට ආසනයක් ලබා දෙනු ඇත.

ඔවුන්ගේ පියාසර කිරීමට පෙර, ඩුබායිහි මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සුඛෝපභෝගී පෞද්ගලික පර්යන්තයක, තණකොළ සහිත ප්‍රදේශයක “විවේක ගැනීමට සහ විනෝද වීමට” අවස්ථාව සැලසෙන අත​ර සුරතල් සතුන් සඳහා කැපවූ පිළිගැනීමේ කණ්ඩායමක් සමඟ පිරික්සීම සිදු කෙරේ.

ජාත්‍යන්තර සුරතල් සතුන් සහ ප්‍රවාහන සංගමයට (IPATA) අනුව, සුරතල් සංචාර මෑත වසරවල ඉහළ ප්‍රවණතාවක් දැක ඇති අතර සෑම වසරකම මිලියන හතරකට අධික සුරතල් සතුන් ජාත්‍යන්තරව ප්‍රවාහනය කෙරේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මගීන්ට එක්සත් රාජධානියට ගමන් කර ඔවුන්ගේ සුරතල් සතුන් සමඟ නැවත මෙරටට පැමිණීමේ අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් නව පුද්ගලික ජෙට් සේවාව දියත් කරන ලදී.

මෙම ගුවන් යානය Al Maktoum ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට එක්සත් රාජධානියේ Farnborough දක්වා ගමන් කරනු ඇ​ත. පුද්ගලික ජෙට් යානයේ ඇත්තේ සීමිත ඉඩකඩක් පමණි. මෙම මාර්ග​යේ වසර පුරා ගුවන් ගමන් දකිනු ඇති අතර වැඩිදුර දිනයන් තවමත් අනාවරණය කර නොමැත.

මෙය ඩුබායිහි මෙවැනි ආකාරයේ පළමු අවස්ථාව වනු ඇත, කෙසේ වෙතත්, සමාගම දැනටමත් පැරිස්, නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ගෝලීය කේන්ද්‍රස්ථාන වලින් සුරතල් සතුන් 200 කට අධික ප්‍රමාණයක් පියාසර කො​ට ඇත.

K9 JETS හි සම-නිර්මාතෘ ඇඩම් ගෝල්ඩර් පැවසුවේ, “මේ මාසයේ ඩුබායි සිට ලන්ඩන් වෙ​ත K9 JETS ගුවන් ගමන ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. මේ වන විට පැරිස්, ලන්ඩන්, නිව් ජර්සි, ලොස් ඇන්ජලීස් සහ ලිස්බන් ඇතුළු ගමනාන්ත වෙත සුරතල් සතුන් සහ ඔවුන්ගේ අයිතිකරුවන් 220 කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර ගුවන් ගමන් වල පියාසර කර තිබෙනවා. අප අලුතින් හඳුන්වා දුන් ඩුබායි මාර්ගය මැදපෙරදිග අපගේ මංගල ගුවන් ගමන වන අතර ඈත පෙරදිග ආසියාව, ඕස්ට්‍රේලියාව යන මාර්ග ඇතුළත් කරමින් 2024න් ඔබ්බට අපගේ ජාලය පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE කම්කරුවන්​ට නව සිම් කාඩ් පතක් : මාස 6ක් Data නොමිලේ
Next Article ඩුබායිහි, 2023 පළමු භාගයේදී ගෝල්ඩන් වීසා 50% කට වඩා වැඩි වීමක්
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.