මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) එමීර් රාජ්‍යයේ ඒකාබද්ධ විදුලි සංදේශ සමාගමේ (EITC) කොටසක් වන du සමඟ හවුල්ව සේවකයින්ට නාමික මිල ගණන් යටතේ සුවිශේෂී ප්රතිලාභ ලබා දෙන නව Happiness SIM කාඩ් පතක් හඳුන්වා දී ඇත.
SIM කාඩ්පත සඳහා ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන හා මාර්ගෝපදේශ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් හෝ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශයෙන් රැකියා කොන්ත්‍රාත්තු නිකුත් කිරීමේදී හෝ අලුත් කිරීමේදී මාර්ගගත සේවාවන් භාවිතා කිරීමෙන් ලබා ගැනීමට පුළුවන.
“සේවකයින්ගේ සුභසාධනය ඉහළ නැංවීමේ අපගේ මෙහෙවර සමඟ සමපාත වන බැවින් du සමඟ ඇති මෙම හවුල්කාරිත්වය ගැන අපි සතුටු වෙමු” යනුවෙන් මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශයෙහි එමරාතීකරණ කටයුතු පිළිබඳ වැඩබලන උපලේකම් සහ කම්කරු කටයුතු පිළිබඳ සහකාර උපලේකම් අයේෂා බෙල්හාර් ෆියා පැවසීය.”ඔවුන්ට දැරිය හැකි සහ විශ්වාසදායක සම්බන්ධතාවයක් ලබා දීමෙන්, අපි ඔවුන්ට ඔවුන්ගේ ආදරණීයයන් සමඟ සම්බන්ධව සිටීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙමු.” “මෙම මුලපිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවක ප්‍රජාව සවිබල ගැන්වීමට සහ සහාය වීමට අපගේ හවුල් කැපවීම නියෝජනය කරයි,” බෙල්හාර් ෆියා වැඩිදුරටත් පැවසීය.
Du හි ප්‍රධාන විධායක නිලධාරී Fahad Al Hassawi පැවසුවේ, “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්, ඔවුන්ගේ පවුල් සහ මිතුරන් සමඟ සම්බන්ධව සිටීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. Happiness SIM දියත් කිරීමත් සමඟ, අපි ඔවුන්ගේ සංනිවේදන කටයුතු සඳහා පහසුකම් සැලසීමට ඉලක්ක කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන නව සේවකයින් පිළිගැනීමට සහ අපගේ පවතින පාරිභෝගිකයින්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට, සම්බන්ධතාවය සහ දැරිය හැකි මිල යන දෙකම ලබා දෙන ගැලපෙන විසඳුම් ලබා දීම සිදුකරනවා. අපගේ ඉලක්කය වන්නේ ඔවුන්ගේ ජීවිත වලට පහසුව එක්කරලීම සහ ඔවුන්ගේ පවුල් සමග වඩාත් සම්බන්ධ කර තැබීම මෙන්ම ඔවුන්ගේ මුදල් ඉතිරි කිරීමට උපකාර කිරීමයි.