Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»යාදව් – ජදේජා ඉන්දියාව දිනවති
Events

යාදව් – ජදේජා ඉන්දියාව දිනවති

Stanly KularathnaBy Stanly KularathnaSeptember 13, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ධනංජය ද සිල්වා (41) සහ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 42) ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට තල්ලු කරගෙන යද්දී ධනංජයව ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ රවීන්ද්‍ර ජදේජා ශ්‍රී ලංකාවේ ගමනට හරස් විය. එතැනින් ග්‍රහණය දැඩිකළ ඉන්දියානුවෝ පන්ඳු 5 ක් ඇතුළත අවසන් පිතිකරුවන් තිදෙනාම දවාගනිමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ආසියානු කුසලාන තර​ඟයේදී ලකුණු 41 ක ජයක් අත්කර ගත්හ.

ලකුණු 214 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.3 කදී ලකුණු 172 කට දැවී ගියේය. ඒ සමගින් එක්දින අන්තර් ජාතික තරග 13 ක් දක්වා දිගු වී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ ජයග්‍රහණ වැලට තිත තැබිණ.

කුල්දීප් යාදව් (43/4) සහ රවීන්ද්‍ර ජදේජා (33/2) එක්ව ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ හෙළූහ.

මොහොමඩ් සිරාජ් (17/1) සහ ජස්ප්‍රීට් බුම්රා (30/2) එක්ව ගත් සාර්ථක ආරම්භය දිගින් දිගටම පවත්වාගෙන ගිය ඉන්දීය පන්ඳු යවන්නෝ 25 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 99 කට සිරකර තිබිණ. ඊළඟ ඕවරයේ පළමු පන්ඳුවේදීම දසුන් ශානක දැවී ගියද, ධනංජය ද සිල්වාට එක්වූ වෙල්ලාලගේ ලකුණු 162 ක් දක්වා කණ්ඩායම රැගෙ​න ගියේය.

ධනංජය දැවී යාමෙන් පසුව දුනිත් වෙල්ලාලගේ තම කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමේ බලාපොරොත්තුවෙන් සිටියද, අවසන් පිතිකරුවෝ තිදෙනාම පන්ඳු 5 ක් ඇතුළත දැවී ගියහ. ධනංජය සහ වෙල්ලාලගේ හැරුණු විට අනෙක් කිසිම පිතිකරුවකුට ලකුණු 40 ඉක්මවා යානොහැකි විය.

විශිෂ්ට පන්ඳු යැවීමක නිතර වූ දුනිත් වෙල්ලාලගේ (10–1–40–5) ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්ඳු යවන්නන් ඉන්දීය පිතිකරුවන්​ ලකුණු අතරට යෑම සීමා කරනු ලැබුවා. පළමුවෙන් පන්ඳු​වට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 49.1 කදී ලකුණු 213 කට සීමා කෙරිණ.

ඉනිමේ 16 වැනි ඕවරයේදී රෝහිත් ෂර්මා (53) දැවී යාමෙන් පසුව ඉන්දීය පිතිකරුවන් ඕවරයකදී ලකුණු 5.0 වේගය ඉක්මවා යාමේ දැඩි උත්සාහයක නිරතව සිටි නමුත් දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා (10–0–28–0) සහ චරිත් අසලංක (9-1+18–4) තිදෙනා හමුවේ ඉන්දීය පිතිකරුවෝ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වූහ.

පන්ඳු 13 ක් ඇතුළතදී ෂුඩ්මන් ගිල් (19), විරාට් කෝලි (03) සහ රෝහිත් ෂර්මා (53) තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූ දුනිත් වෙල්ලාලගේ ඉන්දීය පිතිහරඹයේ කොඳු නාරටිය කඩා දැම්මේය. වෙල්ලාලගේ පන්ඳුව බාරගත් 12 වැනි ඕවරයේ සිට 25 වැනි ඕවරය දක්වා, ඕවර 13 ක් ඇතුළත ඉන්දීය පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 48 කි. ඒ අතරවාරයේ ඔව්හු හොඳම පිතිකරුවන් තිදෙනාගේ කඩුළු අහිමි කරගත් අතර වෙල්ලාලගේ සිය පළමු පන්ඳු යැවීමේ වාරය 5-1-12-3 ක් ලෙසින් සටහන් කළේය.

තවමත් එක්දින තරග 13 කට පමණක් ක්‍රීඩා කර ඇති 20 හැවිරිදි වමත් දඟ පන්ඳු යවන්නා ලකුණු 40 කට කඩුලු 5 ක් දවාගනිමින් ඉන්දීය ඉනිමේ තම කාර්යභාරය අවසන් කළේය. එය වෙල්ලාලගේගේ එක්දින තර​ඟ දිවියේ හොඳම පන්ඳු යැවීමයි.

පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කරන නමුත් පන්ඳුවෙන් ද සිය යුතුකම් කොටස මැනවින් ඉටුකළ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ඉන්දීය පිතිකරුවන් ඇද බැඳ තබාගත් බැවින්, අවසන් ඕවර 25 දී ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 85 කි. පන්ඳු 61 කට මුහුණ දුන් ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඉෂාන් කිෂන්ගේ නමට ඉදිරියෙන් සටහන්ව තිබුණේ ලකුණු 33 කි. අණක් – ගුණක් නැතිව පන්ඳුවට පහරදෙන හර්දික් පාන්ධ්‍යා (5) සහ රවීන්ද්‍ර ජදේජා (4) එක්ව පන්ඳු 37 කින් ලබාගත්තේ ලකුණු 09 කි.

9 වැනි කඩුල්ලත් ලකුණු 186 දී බිඳ වැටුණ නමුත් අක්ෂර් පතෙල් සහ මොහොමඩ් සිරාජ් එක්ව ලකුණු 213 ක් කරා ඉන්දීය පිල කැඳවාගෙන ගියහ. එහෙත් අවසන් ඕවරයේදී අක්ෂර් පතෙල්ගේ ඉනිම අවසන් කළ සධීර සමරවික්‍රම සහ මහීෂ් තීක්‍ෂණ දෙදෙනා, එක දිගට එක්දින කණ්ඩායම් 13 ක් සම්පූර්ණයෙන්ම දවාගැනීමේ ලෝක වාර්තාව තවත් එකකින් ඉදිරියට ගෙන ගියහ.

වේග පන්ඳු යවන්නකු වන හර්දික් පාන්ධ්‍යා, දඟ පන්ඳු යවන්නන් වන රවීන්ද්‍ර ජදේජා සහ අක්ෂර් පතෙල් දෙදෙනාත් එක්දින තරග වලදී පිතිකරුවන් වශයෙන් ලකුණු 30 ඉක්මවන සාමාන්‍යයකට හිමිකම් කියති. මෙම තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනා කණ්ඩායමට එකතු කරගත් ඉන්දියානුවෝ ක්‍රීඩකයන් 14 දෙනකුට සමාන වන පරිද්දෙන් කණ්ඩායමේ සංයුතිය සකස් කරගත් නමුත් ශ්‍රී ලංකා දඟ පන්ඳු යවන්නන් හමුවේ ඔව්හු අසාර්ථක වූහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ගුවන්තොටුපළ තනි ජෛවමිතික පද්ධතියක් හඳුන්වා දීමට සැර​සේ
Next Article බර්ඩුබායි හා ඩුබායි සම්බන්ධ කරමින් කිලෝමීටර 1.4​ක නව පාලමක්
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.