Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්
Sri Lankan news

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

kumudikaBy kumudikaJune 9, 2025Updated:June 9, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් කියා සිටියේ,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන දැනට සිරදඬුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06දා ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.”

එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතව ද ඇත. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.

මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. ඒ සම්බන්ධව ද ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයන් මගින් වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අත.

මේ අතර මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියකුට ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයා අනුමැතිය දී නොතිබියදීත් ඔහුට ජනාධිපති සමාව ලබාදී මුදාහැරීම සම්බන්ධයෙන් ඊයේ (08දා) වනතුරුත් නිශ්චිත කරුණු අනාවරණය වී නොතිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද පැය 05 ක පමණ කාලයක් පෙරේදා (07දා) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වෙසක් පොහෝ දා ජනාධිපති සමාව ලබාදීමට නිර්දේශ කරනු ලැබූ පුද්ගලයන්ගේ නම් 388 අතර ඔහුගේ නම තිබී නැත. නමුත් ඔහුට ජනාධිපති සමාව හිමිවීම පිළිබඳව සැක සහිත කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස පසුගිය 06 වැනිදා “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද යොමු කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාමලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්‍ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරන අතර ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමිවන බව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අවධාරණය කර තිබුණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විශේෂ විමර්ශනයක් පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි ඩී. දිසානායක මහතා ඊයේ (08දා) පැවැසීය.

ස්ත්‍රී දූෂණ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා 32 කට පමණ අයත් සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස් නොකරන බවත්, එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් දැනුවත්ව සිටියදී අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා යම් අයකු වරදකරු වුවහොත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට
Next Article මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.