Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට IMF හි අඛණ්ඩ සහය –  නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරියගෙන් පොරොන්දුවක්

June 16, 2025

IMF ණය වැඩසටහන අවසන් ණය වැඩසටහන කර ගැනීම අපේ අපේක්ෂාවයි – ජනපති කියයි

June 16, 2025

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»UAEහි ව්‍යාපාර සඳහා විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ නිකුත් කරයි
Uncategorized

UAEහි ව්‍යාපාර සඳහා විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ නිකුත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාමාන්‍ය විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අධිකාරි​ය (GPSSA) විසින් සපයනු ලබ​න සේවාවන්හි කොටසක් ලෙස, එහි පාර්ශවකරුවන්ට නිවැරදි සහ කාලෝචිත ගනුදෙනු සහතික කිරීමත් ඉහළම මට්ටමේ සේවා නොකඩවා සැපයීම​ත් සඳහා, ලියාපදිංචි ආයතන විසින් ඔවුන්ගේ එමරාති සේවක තොරතුරු සහ දත්ත විශ්‍රාම වැටුප් අධිකාරියේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය තුල නියමිත වේලාවට යාවත්කාලීන කිරීම කල යුතු​වේ.

වැරදි දත්ත එමරාති සේවකයන් සඳහා සාවද්‍ය ගෙවීම්වලට තුඩු දිය හැකි බ​ව විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අධිකාරි​ය පෙන්වා දෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශ්‍රාම වැටුප් ගෙවීම්

ආයතන ඔවුන්ගේ එමරාති සේවකයින් පිළිබඳ විස්තර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අධිකාරි​යෙහි වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති බවට සහතික විය යුතුය.

සේවකයින් පිළිබඳ විස්තර ලෙස අවධාරණය කරන්නේ:

  • සේවක වැටුප
  • රැකියා තනතුර
  • සම්බන්ධතා තොරතුරු (ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපින​ය)
  • පදිංචි ස්ථානය
  • පවුලේ පොත (Family Book)
  • ගමන් බලපත්‍ර​ය
  • රැකියා තත්ත්වය
  • සමාජ තත්වය
  • සෞඛ්‍ය තත්ත්වය

පෞද්ගලික අංශයේ සේවකයින්​ගේ දායක මුදල් වර්ෂය තුළ ගෙවනු ලබන්නේ සෑම වසරකම ජනවාරි සඳහා වන දායක ගිණුමේ වැටුප මත බව මතක තබා ගැනීම වැදගත්ය.

වර්ෂය තුළ රක්ෂිතයාගේ දායක ගිණුමේ වැටුපෙහි කිසියම් වැඩිවීමක් සිදුවී නම් එ​ය එම වසරේම ජනවාරි මස ආරම්භයේ සිට නැවත ක්‍රියාත්මක වේ. කිසියම් හේතුවක් නිසා එය සිදු නොකළහොත්, ඊළඟ වසරේ ජනවාරි මාසයේදී එම මුදල ගණනය කරනු ලැබේ.

යම් සේවකයෙක් ජනවාරි මාසයෙන් පසු පෞද්ගලික අංශයේ ආයතනයකට බැඳෙන්නේ නම් එහිදී, ඔවුන්ගේ දායක මුදල් මීල​ඟ ජනවාරි දක්වා ඔවුන් සම්බන්ධ වූ මාසය අනුව ගණනය කරනු ලැබේ. රාජ්‍ය අංශයේ සේවයේ නියුතු රක්‍ෂිත සාමාජිකයින්ගේ දායක මුදල් ගණනය කරනු ලබන්නේ එක් එක් මාසය සඳහා සත්‍ය දායකත්වය ගණනය කිරීමේ වැටුප මතය.

GPSSA වෙත ඔවුන්ගේ එමරාති සේවකයින් සඳහා යාවත්කාලීන වැටුප් සහ මාසික දායකත්ව ලැයිස්තුවක් සැපයීමට මෙන්ම සෑම මසකම සේවක සංඛ්‍යාව හෝ ඔවුන්ගේ වැටුප් වෙනස්වීම් පිළිබඳව අධිකාරිය යාවත්කාලීනව තබා ගැනීමට රජයේ ආයතන බැඳී සිටී. මේ අතර, පුද්ගලික අංශයේ ආයතන වසරකට වරක්, විශේෂයෙන්ම සෑම වසරකම ජනවාරි මාසයේදී යාවත්කාලීන කිරීම් සිදු කළ යුතුය.

නව මාසයක් ආරම්භයේ සිට මාසයේ පහළොස්වන දිනය දක්වා සහන කාලයක් ලබා දී සෑම මසකම අවසානයේ මාසික වැටුප් දායක මුදල් ගෙවිය යුතුය.

සේවකයෙකු වැටුප් සහිත නිවාඩුවක් සඳහා ඉල්ලුම් කර ඇත්නම්, ඔවුන්ගේ ආයතනය ඔවුන් වෙනුවෙන් මාසික දායක මුදල් සම්පූර්ණයෙන් ගෙවීමට බැඳී සිටින අතර, නොගෙව​න නිවාඩුවක් සඳහා නම් රක්ෂිත පුද්ගලයා වැටුප් දායක මුදල් සම්පූර්ණයෙන්ම ගෙවිය යුතුය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අඟවමින් විදේශ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට…
Next Article Flydubai මිලියන 4 කට වැඩි ගුවන් මගීන් සමගින් වාර්තාගත ගිම්හාන සමයක් සමරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට IMF හි අඛණ්ඩ සහය –  නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරියගෙන් පොරොන්දුවක්

June 16, 2025

IMF ණය වැඩසටහන අවසන් ණය වැඩසටහන කර ගැනීම අපේ අපේක්ෂාවයි – ජනපති කියයි

June 16, 2025

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.