Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»Flydubai මිලියන 4 කට වැඩි ගුවන් මගීන් සමගින් වාර්තාගත ගිම්හාන සමයක් සමරයි
Uncategorized

Flydubai මිලියන 4 කට වැඩි ගුවන් මගීන් සමගින් වාර්තාගත ගිම්හාන සමයක් සමරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි පදනම් කරගත් අඩුවියදම් ගුවන්සේවාවක් වන flydubai වාර්තාගත ගිම්හාන සමයක් වාර්තා කර ඇති අතර, 2023 ජූනි සහ සැප්තැම්බර් මැද භාගය අතර මගීන් මිලියන 4 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇත.

මෙය 2022 එම කාල සීමාවට සාපේක්ෂව 30% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාර්යබහුල සමයේදී, flydubai විසින් රටවල් 52ක් පුරා ගමනාන්ත 120කට සංචාරකයින් සම්බන්ධ කරමින්, ගුවන් ගමන් 32,000කට වඩා පුළුල් ජාලයක් ක්‍රියාත්මක කළේය.

“නිවැරදි නිෂ්පාදනයක් නියම වේලාවට ලබා දීමෙන් අපි නිදහස් වෙළඳාම සහ සංචාරක ප්‍රවාහයන් නිර්මාණය කිරීම නොකඩවා කරගෙන යන අත​ර නව සහ මීටපෙර අඩු පහසුකම් සහිත වෙලඳපොලවල් වෙත ප්‍රවේශ වීම කරනු ලැබුවා. එසේ කිරීමෙන්, මෙම ගිම්හානයේදී ඩුබායිහි ගුවන් මධ්‍යස්ථානය හරහා මිලියන හතරකට අධික මගීන්ට ගමන් කිරීමට අපි හැකියාව ලබා දී ඇත” ප්‍රධාන විධායක නිලධාරී Ghaith Al Ghaith පැවසීය.

සෘතුමය ගමනාන්ත සඳහා ඇති ඉල්ලු​ම වසරින් වසර සැලකිය යුතු වර්ධනයක් ද Al Ghaith සටහන් කළේය. මෙම ග්‍රීෂ්ම සෘතුවේදී ට්‍රැබ්සන් වෙත මගීන් සංඛ්‍යාව 70% කින් සහ බෝඩ්‍රම් වෙත සියයට 40% කට වඩා වැඩි ප්‍රමාණයකින් කැපී පෙනෙන වර්ධනයක් සිදු විය. කෙසේ වෙතත්, මෙම ජනප්‍රිය මාර්ගවල වැඩි ධාරිතාවයකට ඉඩ සලසමින් නියමිත වේලාවට ගුවන් යානා ලබාදියහැකිනම් නම් ඊටත් වඩා ඉහළ සංඛ්‍යා ළඟා කර ගත හැකි බව Al Ghaith පැවසී​ය.

දැනට බෝයිං 737 ගුවන් යානා 78 ක ඇණියක් ක්‍රියාත්මක වන අතර, flydubai මේ වසරේ නියමිත ගුවන් යානා බෙදා හැරීමේ ප්‍රමාදයකට මුහුණ දී සිටින බව ගුවන් සේව​ය පව​සයි. මෙය විසඳීම සඳහා, 2023 ඔක්තෝබර් 17 සිට 2024 අප්‍රේල් 16 දක්වා ඊළඟ පරම්පරාවේ බෝයිං 737-800 ගුවන් යානා හතරක් බදු ගැනීම​ට ගුවන්සේව​ය ගිවිසුමක් අත්සන් කර ඇත.

මෙම පියවර ඉදිරි කාර්යබහුල සංචාරක කාල සීමාවන් තුළ ගුවන් සේවා ජාලය හරහා අමතර ධාරිතාවක් ලබා දෙනු ඇත. එහි ගිම්හාන සාර්ථකත්වයට අමතරව, flydubai සිය මෙහෙයුම් නව ගමනාන්ත තුනක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

කයිරෝ වෙත දෛනික සේවාව ඔක්තෝම්බර් 28 වන දින ආරම්භ වන අතර, පසුව පෝලන්තයේ එහි තෙවන ගමනාන්තය වන Poznan, වෙ​ත ඔක්තෝබර් 29 වන දින ආරම්භ වේ. Mombasa ද 2024 ජනවාරි 17 සිට ගුවන් සමාගමේ වර්ධනය වන ජාලයට සම්බන්ධ වීමට නියමිතය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි ව්‍යාපාර සඳහා විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ නිකුත් කරයි
Next Article UAEහි සියළුම සේවකයින් ඔක්තෝබර් 1 දා​ට පෙර විරැකියා රක්‍ෂණය​ට දායක විය යුතු බව​ට අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.