Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»මේ වසරේ සංචාරකයන් මිලියනයක් ඇවිත්
Tourism

මේ වසරේ සංචාරකයන් මිලියනයක් ඇවිත්

Stanly KularathnaBy Stanly KularathnaSeptember 27, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දශ ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණී මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් ( Alex Mazkov) ය. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනාද පැමිණ සිටියහ.

ඔවුන් රුසියාවේ සිට ඕමානය වෙත පැමිණ, පසුව එරට මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ WY 373 දරන ගුවන් යානයෙන් ඊ​යේ පස්වරු 02.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

2019 න් වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට මෙසේ සංචාරකයන් පැමිණීම මිලියනය ඉක්මවා යමින් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා පැවසීය.

මෙම මිලියන සංචාරකයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE Pass දැන් රජයේ ඇතැම් සේවාවන් සඳහා අනිවාර්යයි
Next Article ඩුබායිහි COP28 සමුළුවට පෙර ඇතැම් හෝටල් 100% වෙන්කොට අවසන්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.