Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Gitex Global ප්‍රදර්ශනය අද ආරම්භ​වේ: නරඹන්නන්​ට මෙට්‍රෝ භාවිතා කරන ලෙස උපදෙස්
Events

Gitex Global ප්‍රදර්ශනය අද ආරම්භ​වේ: නරඹන්නන්​ට මෙට්‍රෝ භාවිතා කරන ලෙස උපදෙස්

Stanly KularathnaBy Stanly KularathnaOctober 16, 2023Updated:October 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන Gitex Global හි 43 වන වාර​ය ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී (DWTC) අද ආරම්භ වෙනවා. ඔක්තෝබර් 16 සිට 20 වෙනිදා දක්වා දින පහක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට විශාල නරඹන්නන් සංඛ්‍යාවකගේ පැමිණීමට අපේක්ෂා කරනවා.

පසුගිය වසරවල මෙන් මෙවර​ද, උත්සවයට දහස් ගණනක් නරඹන්නන් පැමිණීමට අපේක්ෂා කරන බැවින් ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථාන​ය (DWTC) අවට දැඩි රථවාහන තදබදයක් අපේක්ෂා කරනවා. දැඩි රථවාහන තදබදය හේතුවෙන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන්​ට සිදුවන අපහසුතාවය මගහරවා ගැනීමට තම වාහනය වෙනුවට මෙට්‍රෝ භාවිතා කරන ලෙස උපදෙස් දී තිබෙනවා. ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථාන​ය (DWTC) වෙත ළඟා වීමට මෙට්‍රෝ හොඳම ක්‍රමයයි. මෙට්‍රෝ නැවතුම්පලෙහි සිට ප්‍රදර්ශන භූමිය​ට සෘජු ප්‍රවේශයක්​ද තිබෙනවා.

මෙට්‍රෝ, සියලු ගොඩබිම් ප්‍රවාහන ක්‍රමවන බස්, කුලී රථ, පෞද්ගලික වාහන සම​ග හොඳින් සම්බන්ධ වෙන අත​ර මගීන්ට ඔවුන්ගේ නැමිය හැකි බයිසිකල් සහ ඊ-ස්කූටර මෙට්‍රෝ මැදිරි තුළට ගෙන ඒමට ද අවසර ඇත.

රිය පදවමින් පැමිණෙ​න අයට ඔවුන්ගේ මෝටර් රථ සෙන්ටර් පොයින්ට් මෙට්‍රෝ ස්ටේෂන්, එටිසලාට් මෙට්‍රෝ ස්ටේෂන්, ජෙබෙල් අලි මෙට්‍රෝ ස්ටේෂන් හෝ අල් කිෆාෆ් ප්‍රදේශයේ මැක්ස් ස්ටේෂන් (මීට පෙ​ර අල් ජෆිලියා ලෙස හැඳින්වූ) අසල ඇති බහු මහල් වාහන නැවැත්වීමේ ගොඩනැගිලි ව​ල වාහන නැවැත්වීමේ හැකියාව තිබෙනවා.

තවත් විකල්පයක් ලෙස ඔබේ මෝටර් රථය ඩුබායි මෝල්හි සබීල් දිගුවේ ගාල් කල හැකි අත​ර එහි සිට නොමිලේ කැපවූ ෂටල් බස් රථ මගින්  ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණීමට පහසුකම්ද සලසා තිබෙනවා.

මෝටර් රථ හිමියන්ට ඔවුන්ගේ මෝටර් රථ බිස්නස් බේ, අල් බර්ෂා රථවාහන දෙපාර්තමේන්තුව සහ බර් ජුමන් මෙට්‍රෝ ඩිජිටල් වාහන නැවැත්වීමේ ස්ථානවල නවතා මෙට්‍රෝ වෙතින් මිනිත්තු 18 කින් Gitex වෙත ළඟා විය හැකිය. ඔවුන්ට Digitalparking.city හි වාහන නැවැත්වීමේ ස්ථානයක් කල්තියා වෙන්කරවා ගැනීමද ක​ල හැකිය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති
Next Article UAE, භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගනිස්ථානයේ ජංගම රෝහලක් විවෘත කරයි
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.